සිය ධුර කාලය අවසන් කළ චීන තානාපති හා සජිත් අතර හමුවක්
2026 July 28- Page Views : 3
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මෙරට චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං මහතා අතර සුහද හමුවක් අද (28) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.
මෙරට චීන තානාපති චී ෂෙන්හොං මහතා සිය ධුර කාලය තුළ ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට දැක්වූ දායකත්වය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී සිය ස්තූතිය පළ කර තිබේ.
දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා, ආර්ථික සහයෝගීතාව, ආයෝජන, වෙළෙඳාම, සංවර්ධන ආධාර සහ දෙරට අතර අඛණ්ඩ සබඳතා පවත්වා ගෙන යාමේ වැදගත්කම පිළිබඳව ද මෙහි දී දෙපාර්ශ්වය අතර අදහස් රැසක් හුවමාරු විය.
එසේම චීන තානාපති චී ෂෙන්හොං මහතාගේ ඉදිරි කටයුතු සඳහා සුබ ප්‍රාර්ථනා එක්කළ විපක්ෂ නායකවරයා ශ්‍රී ලංකාව සහ චීනය අතර නිර්මාණාත්මක සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක හවුල්කාරීත්වයක් පවත්වාගෙන යාමේ වැදගත්කමද මෙහි දී අවධාරණය කළේය.