Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අමිත් වීරසිංහ හෙට දක්වා රිමාන්ඩ්

|Tue,28 May 2019|Security| Page Views : 74

අලුත් පුවත්
ලෝක කුසලානයට සමගාමී පුහුණු තරඟාවලියේ අවසන් තරඟ දෙක අදයි
නිවුන් දරුවන්ගේ වීථි සංදර්ශනයක්
නව තොරතුරු තාක්ෂණ ව්‍යවසායකයින් 60ක්
ජපානයේ සිසුන් පිරිසකට පිහි ප්‍රහාරයක්
විල්පත්තු වන සංහාරයට එරෙහි පෙත්සම නැවත විභාගයට
විල්පත්තු වන සංහාරයට එරෙහි පෙත්සම නැවත විභාගයට
ෂාෆී ගැන හොයන්න විද්වත් කමිටුවක්
සමාජ මාධ්‍ය ජාල පරිහරණය කරන අයගෙන් ඉල්ලීමක්
 
ආගම් සහ ජාතීන් අතර පවතින සහජීවනයට බාධා වන ආකාරයේ අදහස් අන්තර්ජාලය හරහා මුදාහැරිය බවට සැකපිට අත්අඩංගුවට ගන්නා ලද මහසොන් බලකායේ ප්‍රධානි අමිත් වීරසිංහ හෙට(29) දින දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

කොළඹ දකුණ දූෂණ මර්ධන කොට්ටාශයේ මගින් අමිත් වීරසිංහ ඉකුත් දා අත්අඩංගුවට ගනු ලැබූවේය.

රිමාන්ඩ් භාරයේ පසුවූ එම සැකකරු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය හමුවට පමුණුවනු ලැබුවේය.

මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු තම සේවාදායකයා ඇප මත මුදා හරින මෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට අදාළ කරුණු දැක්වූ පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරු ජාතීන් සහ ආගම් අතර පවතින සහජීවනයට බාධා වන ආකාරයෙන් අන්තර් ජාලයට අදහස් මුදා හැර ඇති බවයි.

මුස්ලිම් ජාතීකයින් අතර වෛරය පතුරුවන ආකාරයේ අදහස් මෙම සැකකරු විසින් ප්‍රකාශ කර ඇති බවට දැනට සිදුකර ඇති විමර්ශන වලදී අනාවරණය වී ඇති බවත් ඒ අනුව මහජන ආරක්ෂක පනත යටතේ ගැනෙන හදිසි නීති රෙගුලාසි සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුට එරෙහිව පරීක්ෂණ සිදුකරන බව ද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව සැකකරු හෙට දින දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර ඔහුට එරෙහිව ඉදිරිපත් වී තිබෙන සාක්ෂි වල සම්පිණ්ඩනයක් හෙට දින අධිකරණය වෙත ඉදිරිපත් කරන මෙන්ද මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියම කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න