Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දන්කොටුවේ හොර අරක්කු මධ්‍යස්ථානයක් වටලයි

|Tue,13 August 2019|Special| Page Views : 268

අලුත් පුවත්
නීති විරෝධී බීඩි කොල තොගයක් අත්අඩංගුවට
කොළඹ කසල ඉවත් කරද්දී තවත් ගැටලුවක් මතු වේ
ඉන්ධන මිල සුත්‍ර කමිටුව අද රැස්වෙයි
කොළඹ – කොචින් ගුවන් සේවා යළිත් ඇරඹේ
ජලාශ කිහිපයක වාන් දොරටු දෙකක් විවෘත කෙරේ
කසල බැහැර කිරීම පොලිස් ආරක්ෂාව යටතේ
බෝම්බ ප්‍රහාරයකින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 3ක් ජීවිතක්ෂයට
අයිස් සමඟ දෙදෙනෙක් ගුවන් තොටේ දී අල්ලයි
 
ඉතා රහසිගත අයුරින් දන්කොටුව කිරාගාර ප්‍රදේශයේ කුලි නිවසක පවත්වා ගෙන ගිය නිති විරෝධි මත්පැන් බෙදාහරින මධ්‍යස්ථානයක් වැටලු දන්කොටුව පොලිසියේ නිළදාරින් කණ්ඩායමක් රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා කසිප්පු බෝතල් 1300 ක් සමග සැකකරුවෙක් 11 දා අත් අඩංගුවට ගෙන තිබුණා.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ දන්කොටුව මහවත්ත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තැනැත්තෙකු වන අතර මොහු කාලයක් තිස්සේ කසිප්පු ජාවාරම් සිදුකර ඇති අයකු බවත් පොලිසිය කියයි.

නිති විරෝධි මත්පාන් පෙරන ජාඇල ප්‍රදේශයේ ස්ථානයකින් කසිප්පු තොග ගෙනවිත් දන්කොටුව හා ඒ අවට ප්‍රදේශවලට අළෙවි කිරිමේ ජාවාරමක් සිදුවන බවට ලද තොරතුරක් ඔස්සේ වැටලිම කර කසිප්පු හා සැකකරු පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කාලයක් තිස්සේ විවිධ ප්‍රදේශවලින් නිවාස කෙටි කාළයකට කුලියට ගෙන කසිප්පු තොග ගෙනවිත් බෝතල් කර දන්කොටුව වෙන්නප්පුව පන්නල හා නාත්තන්ඩිය යන ප්‍රදේහවලට බෙදාහැර ඇති බවත් සැකකරුගේ නිවසේ සගවා තිබු කසිප්පු බෝතල් 1300 ක් තම බාරයට ගත් බවත් පොලිසිය කියයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න