Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

'සේනා'ට පසු තවත් දළඹු උවදුරක්

|Mon, 09 September 2019|Miscellaneous| Page Views : 59

අලුත් පුවත්
PHI වර්ජනය තවදුරටත්
මැතිවරණ කොමිසමේ සභාපති හා කොමසාරිස්වරු අතර හමුවක්
හෙරොයින් සමග 5ක් අත්අඩංගුවට
'අළුබඳුන කි‍්‍රකට් ශූරතාව' ඕස්ට්‍රේලියාව සතුකර ගනී
පාසල් ගොඩනැඟිලි 500ක් අද සිසු අයිතියට‍
කෝට්ටේ පෙරහැරේ අලි කලබලයෙන් 17ක් රෝහලට
ජනාධිපති කාරක සභාව හමුවේ සාක්ෂි දෙන දිනය තීන්දු කරයි
මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙනස් වෙයි
 
බෝග වගාවන්ට හානි කරන සේනා දළඹුවාට සමාන දළඹුවෙකු දළුවලාන ග්‍රාම නිලධාරි කොට්ඨාසයට අයත් සනික්‍රොප්ට් වත්තෙන් හමුවී ඇතැයි රුවන්වැල්ල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය පවසනවා.

සෙ.මී.06 ක් පමණ දිග තද කළු පැහැති හිස රතුපාට පැත්තකින් කහපාට ඉරක් ඇති මෙම දළඹුවා එම වත්තේ අක්කර 20 ක පමණ වන භූමි භාගයක තිබූ ගැටුඹ හා කැන්ද වැනි ශාකවල ⁣පත්‍ර සම්පූර්ණයෙන්ම කා දමා ඒවා ඉපල් බවට පත්කර ඇතැයිද එම කාර්යාලය පවසයි.මෙම ඉඩමේ තිබූ රබර් ගස් ගලවා කටුපොල් වගාකිරීම සදහා සූදානම් කර තිබියදී ප්‍රදේශවාසීන්ගේ විරෝධතා නිසා එය නවතා දමා ඇති බවද ඒ අනුව වසර දෙක තුනක පමණ සිට එම ඉඩම් කොටස කැලෑවට යමින් තිබූ බවද එම කාර්යාලය දන්වා සිටිනවා.

මේ පිළිබඳව අදහස් දැක්වූ රුවන්වැල්ල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ විෂය භාර නිලධාරි අරුණ ශාන්ත ගුණරත්න මහතා මෙසේ පැවසුවා.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු මත පේරාදෙණිය පැලෑටි සංරක්ෂණ සේවයට දැනුම් දෙන ලදුව එහි අධ්‍යක්ෂවරියක් පැමිණ සමීක්ෂණයක් කළා.එහිදී මෙම දළඹුවා මෙරටට ආගන්තුක දළඹුවෙකු බව අනාවරණය වුනා.අනෙක මෙම දළඹුවා වේගයෙන් ව්‍යාප්ත වෙනවා.

එසේම ඉඩම් මායිමෙන් ගලායන ඇලෙන් එහා පිහිටි දළුවලාන ගම්මානයද මෙම දළඹුවා ආක්‍රමණය කර තිබෙනවා .එම ගම්මානයේ මිරිස් කෙසෙල් තේ පුවක් දූරියන් අලභෝග ගස්ලබු හා මැංගුස් වැනි භෝගවලද පත්‍ර කා දමා මොවුන් හානි කර තිබෙනවා .ඒ වගේම නිවෙස් පුරා යන නිසා ජනතාවටත් පීඩා විඳින්න සිදුවී තිබෙනවා.එනිසා ජනතාව දැනුවත් කර මර්ධන ක්‍රම පිළිබඳව අවබෝධයක් ලබාදුන්නා.මේ දළඹුවා මෑතකදී ගාල්ල ප්‍රදේශයෙන්ද වාර්තාවී ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න