Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලෝකයෙන් වඳ වී යන ඉතාම දුර්ලභ වු වඳුරකුට පණ දෙන්න යන හැටි

|Sat,05 October 2019|Gossip| Page Views : 218

අලුත් පුවත්
අමෙරිකානු ධාවන ශූරිය ට හුසේන් බෝල්ට් දෙවැනි වෙයි ක්‍රීඩා
ජනාධිපතිවරණයට ඇප තැබීම හෙටින් අවසන්
පක්‍ෂයේ නොවන පොදු අපේක්‍ෂකයෙකු සහයෝගය
දමිළ අපේක්‍ෂකයෙකු යෝජනා කරන්නෙමි !
බිය ගන්වා මුදල් ගත් කොස්තාපල් අත්අඩංගුවට
මෝටර් රථයක සිටි යුවලක් බිය ගන්වා මුදල් ගත් කොස්තාපල් අත්අඩංගුවට
මැතිවරණ පැමිණිලි 26යි - පැෆරල්
 
ලන්ඩනයේ ZSL සත්ත්වෝද්‍යානයෙහි උපන් සති තුනක් වයසැති වඳුරු පැටියෙක් සුප්‍රකට ගගනගාමී බශ් ඇල්ඩ්‍රින්ගේ නමින් හැඳින්වෙයි. ගෙල වටා සුදු ලොම් රොදක් සහිත මෙම වඳුරු පැටියා, චිමෝටෝ නමැති වඳුරු මව විසින් බිහි කරන ලද්දේ මාස පහමාරක ගර්භණී සමයකින් පසුවය. එවිට ඇගේ වයස නවයකි. “මැන්ගබේ” යනුවෙන් හැඳින්වෙන මේ ගණයේ වඳුරන් ලෝකයේ ඉතාම දුර්ලභ සත්ත්ව විශේෂයක් බවත් ඔවුන් වඳ වී යෑමේ බලවත් තර්ජනයකට ලක්ව සිටින හෙයින් එය වැළැක්වීම සඳහා ඔවුන් බෝකිරීමට සත්ත්වෝද්‍යානය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළේ සාර්ථකත්වය සඳහා මෙම වඳුරු පැටියාගේ උපත ඉතා වැදගත් බවත් අදාළ බලධාරීහු ප්‍රකාශ කරති.

ඇපලෝ 11 යානයේ සඳගමනේ පනස් වැනි සංවත්සරය මේ වසරට යෙදී තිබෙන හෙයින් ඒ නිමිත්තෙන් වඳුරු පැටියා බශ් ඇල්ඩ්‍රින්ගේ නමේ ‘බශ්’ (Buss) යන්නෙන් හැඳින්වීමට තමන් තීරණය කළ බවත් නීල් ආම්ස්ට්‍රෝංගේ නමේ නීල් යන්නට වඩා එය යෝග්‍යය යන්න අදාළ කාගේත් මතය වූ බවත් ලන්ඩන් සත්ත්වෝද්‍යානයේ කාර්ය මණ්ඩලය සහ සත්ත්ව පාලකයෝද කීහ. නීල් ආම්ස්ට්‍රෝංට පසුපසින් දෙවැනියා වශයෙන් සඳ මතට බැස්සේ එඩ්වින් බශ් ඇල්ඩ්‍රින්ය.

ගෙල වටා සුදු ලොම් සහිත මැංගබේස් වඳ වී යෑමේ බලවත් තර්ජනයකට ලක්ව ඇතැයි IUCN ආයතයනය විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම වඳුරු වර්ගය ලෝකයේ දුර්ලභම සත්ත්ව විශේෂයකි.

ඔවුන්ගේ වාසභූමි විනාශ වීම, නීති විරෝධී ලෙස වන සතුන් විකිණීම හා ඔවුන්ගේ ලෝම හා මස් පිණිස ඔවුන් දඩයම් කිරීමත් ඔවුන් වඳවී යෑමේ තර්ජනයට ලක්වීමේ ප්‍රධානතම හේතු බවට පත්ව තිබේ. සිහින් සිරුරින් හා දිගු වලිගයෙන්ද යුත් මෙම වඳුරෝ ගස් නැඟීමේත් ගසින් ගසට පැනීමේත් අතිදක්ෂයෝය.

ඔවුන් දක්නට ලැබෙන්නේ බටහිර අප්‍රිකාවේ ඇතැම් පෙදෙස්වලදී පමණකි. ලකී නමැති නායක වඳුරාට දාව උපන් බශ් ලන්ඩන් සත්ත්වෝද්‍යානයේ වඳුරන් රෑනට එක් වූයේ අටවැනියා වශයෙනි.

බශ්ගේ ලෝම රහිත ළපටි සිරුර තවමත් මවගේ උණුහුම ලබන අතර, උගේ උපත උන්ගේ වර්ගයේ අඛණ්ඩ පැවැත්මට උපකාරී වන ප්‍රබල සාධකයක් වශයෙන් සැලැකෙයි. වඳවීමේ තර්ජනයට ලක්ව සිටින සත්ත්ව විශේෂ බෝ කිරීම සඳහා ආරම්භ වී තිබෙන යුරෝපීය ව්‍යාපෘතියේ කොටසක් ZSL යනුවෙන් හැඳින්වෙන අතර බශ්ගේ උපත නිසා මැංගබේස් වඳුරු වර්ගයේද අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සුබවාදී බලාපොරොත්තු එම ව්‍යාපෘති බලධාරීන් තුළද ඇති වී තිබේ. බශ්ගේ මව ඇගේ දරුවාට නිතර සාත්තු කරනු දක්නට ලැබේ.

බශ්ගේ උපත මැංගබේස් වඳුරු ගණයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රබල සාධකයක් වන හෙයින්, බශ් නමැති වඳුරාද බශ් ඇල්ඩ්‍රින් නම් ගගනගාමියා මෙන්ම ඉතිහාසගත වනු ඇතැයි ඉහත දැක්වුණු ව්‍යාපෘතියේ නායක ඩැනියල් සිමන්ඩ්ස් පැවැසීය.

දෝංකාර දෙමින් ඉතා දුරට විහිද යන හඬක් නැඟීමේ ශක්තියෙන් ප්‍රකට මැංගබේස් වඳුරෝ ආහාර සොයමින් කැලයේ අෑතට ගිය විට එම නාද ශක්තිය යටිගිරියෙන් නැඟෙන ඉතා අමිහිරි හඬක් වශයෙන් හෝ හූ හඬක් වශයෙන් හෝ විලාප හඬක් හැටියට හෝ යොදා ගනිමින් ඔවුන්ගේ පවුල්වල අනෙක් වඳුරන්, වැඳිරියන් හා පැටවුන් සමඟ සම්බන්ධතාව පවත්වා ගනිති.

බශ් වඳුරු පැටියා තවමත් උගේ මවගේ උණුසුම ලබන නමුත් ඉදිරි දින කිහිපයකදී උෟ ජන්මයෙන් උෟට උරුම වන හඬසන් නැඟීමට පුහුණු වන ආකාරයත් මවගේ තුරුලෙන් ඉවත්ව නිවහනෙන් මඳක් අෑතට ගොස් ආහාර සෙවීමේ පුහුණුව ලබන හැටිත් එහිදී උෟ මවට හා කණ්ඩායමේ අනෙක් වඳුරන්ට සරදම් කරන්නාක් මෙන් නාද රටා පුහුණු වන අන්දමත් සත්ත්වෝද්‍යානයට එන නරඹන්නන්ට දැකගත හැකි වනු ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න