WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

උත්සව සමයේ ආහාර වැටලීම් 967ක් නඩු පැවරීම් 817ක්

2026 April 13- Page Views : 9

උත්සව සමය වෙනුවෙන් මහජනතාවගේ ආහාර සුරක්ෂිතතාව සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. පසුගිය අප්‍රේල් 01 වැනි දින සිට ආරම්භ වුණු මෙම විශේෂ මෙහෙයුම හරහා මේ වන විට වෙළෙඳසැල් 817කට එරෙහිව නඩු පැවරීමටද එම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසුවේ අදාළ මෙහෙයුම් මාලාව මගින් මේ වන විට ආහාර වැටලීම් 967ක් සිදුකරන මෙම නඩු පැවරීම් 817 සිදුකළ බවය. දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,300ක පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම ආහාර වැටලීම් සිදුකර ඇති අතර එම සංගමය පැවසුවේ වැටලීම් කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බවය. ඒ අනුව මෙතෙක් සිදුකළ වැටලීම් යටතේ ආයතන 11,064ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර ආහාර වැටලීම් 967, සහ ආහාර සිය භාරයට ගැනීම් 3,045ක් සිදුකර තිබේ. එමෙන්ම ආහාර විනාශ කිරීම් 2,299ක් සහ නඩු පැවරීම් 817ක් සිදුකළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති කේ.ඒ.පී බොරලැස්ස මහතා සඳහන් කළේය.