Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දේශීය ක්‍රමයට මුහුණේ ලප කැළැල් නැතිකරගමු

|Mon,27 Janauary 2020|Miscellaneous| Page Views :

සුන්දර මුහුණකට උරුමකම් කියන්න ගැහැණු පිරිමි බේදයකින් තොරව ඔනෑම පුද්ගලයෙක් ඉතාමත් කැමැතියි. ඒ්කට කඩේ තිබෙන විවිධ ක්‍රීම් වර්ග අලේප භාවිතා කරලා තිබුණ නොතිබුණ ලප කැළැල් ඇවිත්, තිබුණ ඒ්වා වැඩි වෙලා දුක්විඳින අපේ යහළු හෙළෙියෝ කොතෙකුත් ඉන්නවද?

ඉතින් අද අපේ ලිපිය තුලින් කියන්න යන්නේ කුරුලෑ සුවකර ගැනීමට සහ කුරුලෑ හටගැනීමෙන් පසු ඇතිවන කැලැල් හා අඳුරු ලප ඉවත් කරගන්නේ කොහොමද කියලා. දේශීය ක්‍රමයට

ඒ් සඳහා මෙන්න මේ ඖෂධ වට්ටෝරුව භාවිතා කරන්න

අවශ්‍ය ඖෂධ :- වෙනිවැල්ගැට කුඩු

සුදු හඳුන් කුඩු

කොහොඹ කොළ ඉස්ම

කෝමාරිකා මදයේ ඉස්ම

අමුකහ ඉස්ම

සාදාගන්නා ආකාරය :-

පළමුව සුදු හඳුන් සහ වෙනිවැල්ගැට කුඩු ස්වල්පයක් ගෙන ඊට කොහොඹ කොළ ඉස්ම සුළු ප්‍රමාණයක් එකතු කරන්න.(කොහොඹ කොළ ඉස්ම ඉතා දියාරුවට සාදාගත් ඉස්ම විය යුතුයි) ඉන්පසුව අමුකහ කැබැල්ලක් කොටා සාදාගත් ඉස්ම එකතු කරන්න.

(අමුකහ ඉස්ම අනිත් ඖෂධ ඉස්මට වඩා අඩු ප්‍රමාණයක් යොදන්න) මෙම ඖෂධ හොඳින් කලවම් කර ඊට කෝමාරිකා මදයේ ඉස්ම ටිකකුත් එකතු කරන්න.පසුව මෙම මිශ්‍රණය මුහුණේ ආලේපකර පැය 2 ක් පමණ වේලාවක් තබා සෝදා හරින්න.

මෙම බෙහෙත් වට්ටෝරුව සතියකට එක් වතාවක් පමණක් භාවිතා කරන්න. මොකද සමෙහි පවතින සියුම් හෝ රළු ස්වභාවය එක් එක් පුද්ගලයන්ට අනුව වෙනස් වෙනවා. මොනදේ දේ කළත් ඒ් සම්බන්ධයෙන් අපි සැළකිලිමත් විය යුතුයි.

මෙම මිශ්‍රණය සාදාගන්නා විට කෝමාරිකා ඉස්ම අවසානයට එකතු කිරීමට මතක තබාගන්න.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න