WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් - වෛද්‍යවරු අනතුරු අඟවයි

2026 July 09- Page Views : 5

චර්ම රෝග මේ වන විට බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පවසති.

චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නයනී මදරසිංහ මහත්මිය සඳහන් කළේ, චර්ම රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට සායන වෙත පැමිණෙන රෝගීන්ගේ ඉහළයාමක් පෙන්නුම් කරන බවය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ නයනී මදරසිංහ මහත්මිය මේ බව සඳහන් කළාය.

"සමේ රෝග කියන එක ඉතාමත් බහුල දෙයක්.ලෝකී ජනගහනයෙන් මිලියන 4කට පමණ ප්‍රමාණයකට සමේ රෝග තිබෙනවා කියන එක දත්ත මගින් තහවුරු වෙලා තියෙනවා. ලංකාවේ කොතරම්ද කියන්න දත්ත නැති වුණාට සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් විදියට සමේ රෝග කියන විදියට බරපතළ සෞඛ්‍යම ගැටලුවක්. රෝගියෙකුට සමේ රෝග පිළිබඳ නිසි දැනුමක් නැති වුණාම වැරදි ප්‍රතිකාරවලට යොමු වෙන්න පුළුවන්. ඒ තුළින් රෝගය තවත් උත්සන්න වීමත් වෙන්න පුළුවන්. ගොඩක් අය හිතන්නේ සමේ රෝග කියන්නේ බෝවෙන දෙයක්. නමුත් සමේ රෝග කියන්නේ බෝවෙන රෝගයක් නෙවෙයි. එම වැරදි දැනුම නිසා රෝගීන්ට විශාල මානසික පීඩා ඇති වෙනවා"

සමේ හටගන්නා දීලීර රෝග තත්ත්වයන් සඳහා වෛද්‍ය අනුමැතියකින් තොරව ඖෂධ ලබාගැනීමට කටයුතු කිරීමෙන් එම රෝගී තත්ත්වයන් පාලනය කිරීමේ ගැටලුකාරී තත්ත්වයන් මතුව ඇති බව එම මාධ්‍ය හමුවට එක්වු චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නුවන්ගිකා ශිවන්ති මහත්මිය සඳහන් කළාය.

"අපේ රටේ පැතිරී යන දිලීර රෝගයක් තියෙනවා ටීනියා (Ringworm) කියන දිලීර රෝගය. සමේ රෝග සායනවලට පැමිණෙන රෝගීන්ගෙන් 20%ක් විතර මේ දිලීර රෝග ආසාදනය තියෙනවා. මේක සම මතුපිට හැදෙන දිලීරයක්. ඉතා ඉක්මනින් පැතිරී යනවා. මේකෙදි දකින ප්‍රධානම ප්‍රශ්නය තමයි දිලීර ආසාධනය සඳහා විශේෂයෙන් වෛද්‍ය අනුමැතියක් තොරව ඖෂධ භාවිතා කිරීම නිසා මෙම දිලීර ආසාධන තත්ත්වය ඉතා ඉක්මනින්ම පැතිරී ගොස් තිබෙනවා. රෝග ලක්ෂණ හඳුනා ගැනීමේ අපහසුතා මට්ටමකට පත්වෙලා තියෙනවා. දිලීර නාශක ඖෂධවලට ප්‍රතිවිරෝධී තත්ත්වයක් මතුවෙලා තියෙනවා. ඒක හමෙන් ඉවත් කිරීමට අපහසු තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඔවුන්ට ඉතා වැඩි කාලයක් ඖෂධ පෙති වශයෙන් ලබා ගන්න වෙලා තියෙනවා "