Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දකුණු අප්‍රිකානු කාන්තා පිලට පෙරළිකාර ජයක්

|Mon, 24 February 2020|Miscellaneous| Page Views :

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ(23) පැවති තරගයකින් පෙරළිකාර ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

ඒ ප්‍රබල එංගලන්තය පරාජයට පත්කරමින්.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ප්‍රබල එංගලන්ත ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 123ක් පමණයි.

එංගලන්තය වෙනුවෙන් නැටලි සිවර් පන්දු 41කදී ලකුණු 50ක් රැස් කළේය.

ඇමී ජෝන්ස් ලකුණු 23යි.

පන්දු යැවීමේදී අයබොන්ගා කාකා ලකුණු 25කට කඩුළු 3ක් දවාගත්තේය.

ලකුණු 124ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාව ඉතා තියුණු තරගයකින් පසු පන්දුවාර 19යි පන්දු 4කදී කඩුළු 4ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

එහිදී නායිකා ඩෑන් වෑන් නිකර්ක් රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 46ක්.

මරිසෑන් කැප් ලකුණු 38ක් රැස් කළේය.

දකුණු අප්‍රිකාව ලෝක කුසලාන තරගාවලියකදී එංගලන්තය පරාජය කළ පළමු අවස්ථාව මෙයයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න