Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ටික්ටෝක් එකට ඇවිත් පිස්සු නටන කෙල්ලෝ කොල්ලෝ මට්ටු කරන්න ටික්ටෝක්

|Tue,03 March 2020|Security| Page Views : 35

අලුත් පුවත්
නාන්නෙ විටමින් C අහන්නෙ ROCK ලියනාඩෝ ඩිකැප්‍රියෝ
සෞභාග්‍යයේ දැක්මට දින සියයයි
26 ගුරුවරු සහ විදුහල්පතිවරු ලෙඩ වෙයි
සිම්බාබ්වේ-බංග්ලාදේශ ටෙස්ට් තරගයේ තුන්වන දිනය අද
දකුණු අප්‍රිකානු කාන්තා පිලට පෙරළිකාර ජයක්
සෑම විහාරාධිපති හිමිනමකටම සාම විනිසුරු තනතුරක්
වසන්ත කරන්නාගොඩට සිව්වන සිතාසියත්
දකුණු කොරියාවේ සහ චීනයේ සිට පැමිණි මගීන් විශේෂ පරීක්ෂාවට
 
ටික්ටොක් උන්මාදය ගැන අපි අමුතුවෙන් කතා කරන්න ඕනේ නැහැ නේ. ලංකාවේ සමහර අය පිස්සුවෙන් වගේ මේ App එක පාවිච්චි කරනවා. නමුත් ලංකාවේ වගේම ඉන්දියාවේත් මේක හරි විදියට පාවිච්චි කරනවද කියන එක අපි හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක්.

කොහොම වුණත් මේ ප්‍රශ්නය ගැන අපි වගේම ටික්ටොක් හදපු සමාගමත් හිතලා තියෙනවා. ඒ ගැන තමයි අපි අද කියන්න හදන්නේ.

ගිය අවුරුද්දේ ඉඳලා වේගයෙන් වර්ධනය වන සමාජ මාධ්‍ය වේදිකාව මොකක්ද කියලා ඇහුවොත් කතා දෙකක් නැහැ ඒ තමා ටික්ටෝක්. ඒකට හේතුව අති විශාල ජනතාවක් ඉන්න ඉන්දියාවේ තරුණ තරුණියන් බොහෝ දෙනෙක් මේ App එක පාවිච්චි කරන්න උනන්දු වීම.

මේ වෙනකොට ඉන්දියාවේ තරුණ තරුණියන් ටික්ටෝක් එකට ඇවිත් කරන අසභය වීඩියෝ වගේම කරන මෝඩ වැඩ නිසා ජිවිතයෙන් පවා වන්දි ගෙවලා තියෙනවා.

මෙන්න මේ හේතුව නිසා ටික්ටෝක් හදපු සමාගම තීරණය කරලා තියෙනවා ටික්ටෝක් එකට දෙමාපියන් සම්බන්ධ කරගන්න. ඒ කියන්නේ App එක පාවිච්චි කරන තරුණ තරුණියන්ගේ දෙමාපියන්ටත් එයාලා කරන්නේ මොකක්ද කියලා බලන්න පුළුවන් විදියේ ක්‍රමයක් හදනවා කියන එක. දැනට මේක හඳුන්වලා තියෙන්නේ ‘Family Safety Mode’කියලා. ටික්ටෝක් එකට අලුතින් එකතු වෙන ‘Family Safety Mode’ එක ගැන එම සමාගමේ ඉන්න ලොක්කෙක් මෙන්න මෙහෙම කතාවක් කියනවා. "ආරක්ෂාව සඳහා වූ අපගේ කැපවීමේ කොටසක් ලෙස, අපගේ පරිශීලකයින්ගේ යහපැවැත්ම අපට ඇදහිය නොහැකි තරම් වැදගත් ය. මිනිසුන් ටික්ටොක් හි විනෝද වීමට අපට අවශ්‍යය, නමුත් අපගේ ප්‍රජාව ඔවුන්ගේ යහපැවැත්ම ගැන සැලකිලිමත් වීම ද වැදගත් ය, එයින් අදහස් කරන්නේ සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් ඇති කර ගැනීමයි. සබැඳි යෙදුම් සහ සේවාවන් සමඟ. "

මේ Option එක හරහා දෙමාපියන්ට ළමයි ටික්ටෝක් App එක ඇතුළේ කරන දේවල් හොඳ නැහැ කියලා හිතුනොත් ඒවා delete කරන්නත්, ඒකට එන Message delete කරන්නත් පුළුවන්. ඒ කියන්නේ උපරිම බලයක් ලැබෙනවා කියන එක.

ඉතින් අපිට අවසානයේ කියන්න තියෙන්නේ අම්මා තාත්තට හොරෙන් නරක විදියට ටික්ටෝක් පාවිච්චි කරපු අයට දෙයියන්ගේම පිහිටයි වගේම එම සමාගමෙන් මේ ගැන තේරුම් අරගෙන මෙහෙම පියවරක් ගත්ත එක ගැන අපි අගය කරනවා කියලා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න