Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තවත් චීන වෛද්‍යවරයෙක් කොරෝනා රෝගයට ගොදුරු වෙයි

|Wed,04 March 2020|Special| Page Views :

කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් තවත් චීන වෛද්‍යවරයෙකු මිය ගොස් තිබෙනවා. ඒ කොරෝනා වෛරසය බහුල වුහාන් ප්‍රාන්තයේ සේවය කරමින් සිටියදී ය.

වෛද්‍ය මෙයි සොන්ග්මින්, මීට පෙර එම රෝගයෙන් මියගිය වෛද්‍ය ලී වෙන්ලිඇන් හා එකට වැඩකළ වෛද්‍යවරයෙකි.

වෛද්‍ය ලී වෙන්ලිඇන් ප්‍රචලිත වූයේ ඔහු පසුගිය දෙසැම්බර් මාසයේදී කොරෝනා වෛරසයේ භයානකත්වය ගැන ලොවට අනතුරු ඇඟවූ හෙයිනි.

මේ අතර, සවුදි අරාබිය, ටියුනීසියාව, මොරොක්කෝව සහ සෙනගාල් වැනි රටවල ද මේ වනවිට කොරෝනා රෝගීන් හමු වී තිබේ.

එසේම ස්විස්ටර්ලන්තයේ හමුදා සාමාජිකයින් 30 දෙනෙකු වෛරසය ආසාදනය වීමෙන් රෝගී වී ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න