Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කොඳෙව්-ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය අද

|Fri,06 March 2020|Special| Page Views :

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර දෙවන සහ අවසන් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේදී අද (06) පැවැත්වෙනවා. තරගය ආරම්භ වන්නේ රාතී‍්‍ර 7.00ටයි.

තරග දෙකකින් සමන්විත මෙම තරගාවලිය 1-0 ලෙස මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පෙරමුණ ගෙන සිටිනවා.

ශී‍්‍ර ලංකාව සමග පැවති පළමු විස්සයි විස්ස තරගය ලකුණු 25කින් ජය ගැනීමට කොදෙව් කණ්ඩායම සමත් වුණා. ඒ අනුව මෙම විස්සයි විස්ස තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට නම් ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (06) තරගය අනිවාර්යයෙන්ම ජය ගත යුතු වනවා.

එමෙන්ම ලසිත් මාලිංගගේ විස්සයි විස්ස නායකත්වයද මේ වන අභියෝගයකට ලක්ව ඇත්තේ ඔහු නායකත්වය දුන් අවසන් විස්සයි විස්ස තරගාවලි 2ම ශී‍්‍ර ලංකා පිල පරාජයට පත්වීම හේතුවෙන්.

ශී‍්‍ර ලංකා පිළ ලසිත් මාලිංගගේ නායකත්වය යටතේ අවසන් වරට සහභාගි වූ විස්සයි විස්ස තරග 6ම පරාජයට පත්ව තිබීමද තවත් විශේෂත්වයක්. මේ හේතුවෙන් අද තරගයේදී අනිවාර්ය ජයග‍්‍රහණයක් සඳහා ශී‍්‍ර ලංකා පිළ මෙහෙයවීමේ වගකීමද ලසිත් මාලිංගට පැවරි තිබෙනවා.

බොහෝ විට අද තරගය සදහා පළමු විස්සයි විස්ස තරගයේදී අසාර්ථක වූ ෂෙහාන් ජයසූරිය වෙනුවට නිරෝෂන් දික්වැල්ල කැඳවනු ඇති බවටයි වාර්තා වන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න