Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දුම්රිය සේවක ගැටළු විසඳීමට රජයේ අවධානය

|Fri,06 March 2020|Special| Page Views :

දුම්රිය ප්‍රමාදය හා එම ක්ෂේත්‍රයේ සේවක හා අනෙකුත් ගැටළු රැසක් විසඳීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ.

ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ දුම්රිය වෘත්තීය සමිති අතර ඊයේ පැවති සාකච්ජාවක දී අවධානය යොමු කෙරිණ. අදට නියමිතව තිබූ දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කළේ, අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් පසුවයි.

සාකච්ජාව පැවැත්වුණේ, අග්‍රාමාත්‍ය නිල නිවසේදී. දුම්රිය ස්ථානාධිපති, එන්ජින් රියදුරු, නියාමක හා පාලක යන ක්ෂේත්‍ර 4ටම අයත් වෘත්තීය සමිති නියෝජිතයන් සාකච්ජාවට එක්ව සිටියේය.

පසුගිය පාලන සමයේ තම ගැටලු කෙරෙහි අවධානය යොමු නොකිරීම හේතුවෙන් දින 12ක වැඩවර්ජනයක නිරතවීමට සිදුවූ බව ද නියෝජිතයන් පෙන්වා දුන්නේය. සේවක හා අනෙකුත් ගැටලු පිළිබඳව පුළුල් අවධානයක් යොමු කළ අග්‍රාමාත්‍යවරයා නිසි ක්‍රමවේදයක් තුළ එම ගැටලු විසඳීමට එකඟතාව පළ කළේය. දුම්රිය වෘත්තීය සමිති වර්ජනය අත්හිටුවීමට තීරණය කළේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න