Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වනිඳු හසරංග සති 06ක් ක්‍රිකට් පිටියෙන් ඉවතට

|Sun,08 March 2020|Special| Page Views : 22

අලුත් පුවත්
රටවල් 93 කට කොරෝනා – ඉතාලියට දැඩි බලපෑමක්
හෙරොයින් ග්‍රෑම් 500ක් සමඟ අයෙක් අල්ලයි
ජාත්‍යන්තර කාන්තා දිනයයි
දරුණු අපරාධකරුවන් බූස්සට හා අඟුණකොළට
ශ්‍රී ලංකන් සහ ජෙඩා නගරය දක්වා ගුවන් ගමන් අත්හිටුවයි
රජයේ වියදම් සඳහා ජනපති අවසරය
අයිස් සමඟ 4ක් අත්අඩංගුවට
20යි20 තරගාවලියේ ජය කොදෙව්වන්ට
 
පාදයේ ආබාධයකට ලක් වූ තුන් ඉරියව් කී‍්‍රඩක වනිඳු හසරංගට සති 06 ක් කි‍්‍රකට් පිටියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඔහු මෙලෙස ආබාධයට ලක් වූයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවන පන්දුවාර 20 කි‍්‍රකට් තරඟයේ පන්දු රකිමින් සිටියදීයි.

ඔහුට සතියක කාලයක් විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් උපදෙස් ලබා දී ඇති බවයි තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් කියා සිටියේ.

මෑත කාලයේ දක්ෂතා අතර ඉදිරියෙන්ම සිටින වනිඳු හසරංග කොදෙව් කණ්ඩායමට එරෙහි එක්දින තරඟාවලියේ වීරයා ලෙස ද සම්මාන දිනා ගත්තා.

ඔහුගේ ආබාධ තත්ත්වය තරමක් දරුණු බවත්, මේ හේතුවෙන් එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියට එක්වීමේ අවස්ථාව ද ඔහුට අහිමි වන බවයි කි‍්‍රකට් තේරීම් කමිටු සභාපතිවරයා සඳහන් කළේ.

එංගලන්තයට එරෙහි ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය සඳහා නම් කළ ශී‍්‍ර ලංකා සංචිතයට වනිඳු හසරංග ඇතුළත්ව සිටි බව ද ඔහු මෙහිදී ප‍්‍රකාශ කළා.

කුසල් ජනිත් පෙරේරා ද දෙවන පන්දුවාර 20 කි‍්‍රකට් තරගයේදී ඇඟිල්ලක ආබාධයකට ලක් වුණා. සුළු අස්ථි බිඳීමක් සිදුව ඇති බැවින් ඔහුට එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියට කී‍්‍රඩා කිරීමට හැකි වනු ඇතැයි ද කි‍්‍රකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් විශ්වාසය පළ කළා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න