Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

20යි 20යි තරගයේ ජය ඉන්දියාවට

|Wed,11 March 2020|Miscellaneous| Page Views : 15

අලුත් පුවත්
තෙවන 20යි20 ජය අයර්ලන්තයට
සිංගිමලේ රක්ෂිතයේ ගින්නක්
ටයරය පෙරළූ බවට සැකපිට සිසුන් හතරක් අත්අඩංගුවට
තැපැල් ඡන්දය අප්‍රේල් 8, 9 හා 10
මහ ඡන්දය කල් යන ලකුණු
ගංජා කිලෝ 3000ක් STF අත්අඩංගුවට
ලාංකිකයන්ට ඉතාලියෙන් පිටවීම තහනම්
එංගලන්ත සෞඛ්‍ය ඇමතිනියටත් කොරෝනා
 
මාර්ග අනතුරුවලින් ආරක්ෂා වීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පැවැත්වෙන විශ්‍රාමික ප්‍රවීණයින්ගේ පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ ඊයේ(10) පැවැති තරගයකින් ජය වාර්තා කිරීමට ඉන්දීය ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමත් විය.

ඒ ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම පරාජයට පත් කරමින්. මුම්බායි හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය ප්‍රවීනයන්ගේ පිල පළමු පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායමට ආරධනා කළේය.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 138ක්.

ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ පිල වෙනුවෙන් තිලකරත්න දිල්ශාන් ලකුණු 23ක් සහ චාමර කපුගෙදර ලකුණු 23ක් රැස් කිරීමට සමත් විය.

රුමේෂ් කළුවිතාරණ ලකුණු 21යි.

පන්දු යැවීමේදී මුනාෆ් ෆටෙල් ලකුණු 19කට කඩුලු 4ක්දවා ගැනීමට සමත් විය.

ලකුණු 139ක ජයග්‍රහී ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිස ඉන්දීය ප්‍රවීනයන්ගේ පිල පන්දුවාර 18යි පන්දු 4කදී කඩුලු 5ක් පමණක් දැවී එම ඉලක්කය පසු කර ගියේය.

ඉන්දීය ප්‍රවීනයන්ගේ පිල වෙනුවෙන් ඉර්ෆාන් පතාන් නොදැවී ලකුණු 57ක් සහ මොහොමඩ් කයිෆ් ලකුණු 46ක් රැස් කළේය.

පන්දු යැවීමේදී චමින්ද වාස් ලකුණු 5කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න