WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මාරක අනතුරු කිහිපයක් - තිදෙනෙකුට දිවි අහිමි වෙයි

2026 April 14- Page Views : 7

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. වාරියපොල, ඇඹලව අතුරු මාර්ගයේ කෝන්ගහමුල හන්දිය ආසන්නයේදී සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් ඇත. කෝන්ගහමුල හන්දිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරු පැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් කෝන්ගහමුල හන්දිය දෙසට ධාවනය වූ යතුරු පදියේ පැදිකාරිය බරපතළ තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඇය මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක් වූ ඇඹලව ප්‍රදේශයේ පදිංචිකාරියකි.   අනතුරට සම්බන්ධයෙන් යතුරුපැදියේ පැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වාරියපොල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි. එමෙන්ම කිලිනොච්චිය නගරයේදී යාපනය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ වෑන් රථයක්, පදික මාරුව මතින් මාර්ගය හරහා ගමන් කළ පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුව ඇත.   අනතුරින් පදිකයා බරපතළ තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලීසිය පවසීය. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 44ක් වූ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.   අනතුරට සම්බන්ධයෙන් වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. මේ අතර ගිරිඋල්ල පොලිස් වසමේ කුරුණෑගල පන්නල මාර්ගයේ නාරංගමුව හන්දිය ආසන්නයේදී සිදු වූ අනතුරකින් ද පුද්ගලයෙකු මියගොස් ඇත. පන්නල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරු පැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් යතුරුපැදිකරුවන් දෙදෙනා සහ පසු පැදිකරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා දඹදෙණිය රෝහලට ඇතුළත් කරන විටත් එක් පැදිකරුවෙකු මියගොස් සිට ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 36ක් වූ ලබ්බල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.   ගිරිඋල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.