Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කාන්තා හිංසනයට එරෙහි විරෝධතා

|Wed,11 March 2020|Miscellaneous| Page Views : 16

අලුත් පුවත්
20යි 20යි තරගයේ ජය ඉන්දියාවට
තෙවන 20යි20 ජය අයර්ලන්තයට
සිංගිමලේ රක්ෂිතයේ ගින්නක්
ටයරය පෙරළූ බවට සැකපිට සිසුන් හතරක් අත්අඩංගුවට
තැපැල් ඡන්දය අප්‍රේල් 8, 9 හා 10
මහ ඡන්දය කල් යන ලකුණු
ගංජා කිලෝ 3000ක් STF අත්අඩංගුවට
ලාංකිකයන්ට ඉතාලියෙන් පිටවීම තහනම්
 
කාන්තා හිංසනය පිටුදැකීම සදහා බ්‍රසීලයේ සහ බොලිවියාවේ පැවැති විරෝධතා කිහිපයක් පිළිබද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ලිංගික සමානාත්මතාව ඉල්ලමින් ලොව පුරා පැවැත්වෙන විරෝධතාවලට සහාය පළකිරීමේ තවත් විරෝධතා කිහිපයක් දකුණු අමෙරිකානු රාජ්‍යයන් වන බ්‍රසීලය සහ බොලිවියාවේදී පැවැත් විය.

දහස් සංඛ්‍යාත කාන්තාවන් පිරිසක් එක්වූ මේ විරෝධතාවලදී කාන්තාවන්ට එරෙහි හිංසනය සහ ලිංගිකත්වය මත පදනම්කරගත්, ප්‍රචණ්ඩත්වය හෙළාදැකීමටත් ඔවුන් කටයුතු කළේය.

බොලිවියාවේ පැවැති විරෝධතාවට එක්වූ කාන්තාවන් එරට එල් ඇල්ටෝ නගරයේ සිට ලා පාස් අගනුවර දක්වා කිලෝ මීටර් 12ක දුරක් පාගමින් පැමිණීමද විශේෂත්වයක්.

මේ සදහා එක්ව සිටි කාන්තාවන්, දම්පැහැ ධජ රැගෙන, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය හෙලාදැකීමේ පාඨ කියමින් විරෝධතාවේ නිරත විය.

කාන්තාවන් එක්ව බ්‍රසීලයේ රියෝ දි ජනයිරෝ නුවර පැවැත්වූ විරෝධතාවලදී බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ දැඩි සේ විවේචනයට ලක් කෙරුණි.

ඔවුන් ඉල්ලා සිටියේ රටේ ප්‍රශ්න විසඳිය නොහැකි ජනාධිපතිවරයා වහා ඉල්ලා අස්විය යුතු බවයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න