Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පුත්තලමේ අය විශේෂ නිරෝධායනයට

|Wed,18 March 2020|Special| Page Views :

මාර්තු 1 වැනිදා සිට මාර්තු 10 වැනිදා දක්වා ඉතාලිය සහ අවදානම් සහගත බවට නිර්දේශ කර ඇති රටවලින් පැමිණි පුත්තලම් දිස්ත්‍රික්කයේ පුද්ගලයන්ගේ නිවාස විශේෂ ස්වයං නිරෝධායන ස්ථාන බවට පත්කර එම පුද්ගලයන් අධීක්ෂණය කිරීමට වි​ශේෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ. මේ සඳහා ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව මේ වන විට වාර්තා වී ඇති 1500කට අධික විදේශයන්ගෙන් මෙරටට පැමිණි පුද්ගලයන් පිරිසකගේ නිවාස විශේෂිත ස්ටිකරයක් අලවා ස්වයං නිරෝධායන මධ්‍යස්ථානයක් බවට ජනතාවට ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

අදාළ දින 11ක කාලය ඇතුළත මෙරටට පැමිණි පිරිස්වලට තමන් පිළිබඳ තොරතුරු මේ වන විට ප්‍රසිද්ධ කර ඇති විශේෂිත දුරකථන අංකවලට දැනුම් දෙන්නැයි ප්‍රකාශ කර තිබෙන අතර එවැනි පුද්ගලයන් 500කගේ පමණ තොරතුරු මේ වන විටත් ආරක්ෂිත අංශ වෙත ලැබී ඇතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඊයේ (17 වැනිදා) පැවැසීය.

හඳුනාගන්නා මෙම පිරිස් ස්වයං නිරෝධායනයට ලක්කිරීමෙන් අනතුරුව ඔවුන්ව දෛනිකව අධීක්ෂණය කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, පොලිසිය සහ ග්‍රාමසේවා නිලධාරීන් යොදවන බවද ඊයේ (17 වැනිදා) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ විය.

කෙසේ වෙතත් මෙම පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට සහ අසල්වාසීන්ගේ සාමාන්‍ය ජනජීවිතයට අවහිරයක් නොවන පරිදි මෙම නිරෝධායන වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙස මෙම සාකච්ඡා​වේදී ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න