Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මැතිවරණය කල් දමන්න කැෆේ ඉල්ලයි

|Wed,18 March 2020|Special| Page Views :

කෝවිඩ් 19 වෛරසය වේගයෙන් පැතිරෙමින් පවතින වකවානුවක මහ මැතිවරණයක් පැවැත්වීම කිසි සේත්ම සුදුසු නොවන අතර මහ මැතිවරණය කල් තබන ලෙස කැෆේ සංවිධානය ඉල්ලා සිටියි.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා සඳහන් කළේ මහ මැතිවරණය කල් දමන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත මෙන්ම මැතිවරණ කොමිසම වෙත ලිපි යොමු කර ඇති බවයි.

පවතින අවදානම්කාරී තත්වය මත මැතිවරණ ව්‍යාපාර පැවැත් වීම කිසි සේත්ම සුදුසු නොවන බව කැෆේ සංවිධානයේ අදහසයි. ජන්ද රැලි, ගෙන් ගෙට යාම, අත් පත‍්‍රිකා බෙඳීම් වැනි කටයුතු මඟින් කොරෝනා රෝගය පැතිර යාම තව දුරටත් වර්ධනය විය හැකි ය.එමෙන් ම මැතිවරණය පැවැත්වීමේ දී පවා දැඩි අවදානම්කාරී තත්ත්වයක් නිර්මාණය වන බව කැෆේ සංවිධානයේ අදහසයි.

නිසි ආකාරයේ නිරෝධායන වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කොට මෙම වෛරසය පැතිර යාම සම්පූර්ණයෙන්ම අවසන් වන තුරු මැතිවරණය පැවැත් වීම නොකළ යුතු බව කැෆේ සංවිධානය අවධාරණය කර සිටියි.

මෙම වෛරසය හේතුවෙන් ලොව බොහෝ රටවල මැතිවරණ මේ වන විට අත්හි ටුවා තිබේ. එලෙස මැතිවරණය අත්හිටුවා ඒ වෙනුවෙන් වෙන් කෙරෙන මුදල් කොරෝනා රෝගය පැතිර යාම වැළැක්වීම සහ නිරෝධායන ක‍්‍රියාවලි සඳහා යොදාගත හැකි බව කැෆේ සංවිධානයේ අදහසයි. මැතිවරණ පැවැත්වීමටත් ප්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමටත් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් සිටීම අත්‍යාවශ්‍ය බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වරයා වැඩි දුරටත්ස ඳහන් කරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න