Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නිරෝධායනයට ලක් කළ 311ක් නිවෙස් බලා පිටව යයි

|Tue,24 March 2020|Special| Page Views :

විදෙස් ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණ නිරෝධායනයට ලක් කෙරුණු පළමු කණ්ඩායම අද (24) නිවෙස් බලා පිටත්ව යාමට නියමිතයි.

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ පුද්ගලයින් 311දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව යාමට නියමිත බවයි.

මොවුන් ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවේ සිට පැමිණි අය බවද යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

ඒ අනුව පූනානි මධ්‍යස්ථානයේ සිටි 203දෙනෙකු සහ කන්දකාඩු මධ්‍යස්ථානයේ රැදී සිටි 108 දෙනෙකු මෙලෙස නිවෙස් බලා පිටව යනු ඇති.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න