Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඇමෙරිකාවට තවත් බිහිසුණු තර්ජනයක්

|Thu,07 March 2020|Security| Page Views :

කොවිඩ් 19 වසංගතයෙන් මහත් පීඩා විඳිමින් සිටින ඇමෙරිකා එක්සත් ජනපදයට තවත් බිහිසුණු තර්ජනයක් එල්ල වී තිබේ.

මෙය බඹර ගණයට අයත් කෘමි විශේෂයක් නිසා ඇතිවූ උවදුරකි. විස සහිත තියුණු විතකින් යුත් පියාඹන මෙම මිනීමරු බඹර විශේෂය දින කිහිපයකට පෙර පළමු වරට වොෂිංටන් ප්‍රාන්තයෙන් හමුවී ඇත.

මෙම විශේෂයේ වැඩිහිටි සත්වයෙකු දිගින් සෙන්ටි මීටර් 5ක් පමණ වන අතර වෙස්පා මැන්ඩරිනියා (vaspa mandarinia) නමින් හඳුන්වනු ලබයි.

මෙම දැවැන්ත කෘමියා මින් පෙර ආසියානු කලාප වලින් හමුවී ඇතත් ඇමෙරිකාවෙන් වාර්තා වී ඇත්තේ ඉතිහාසයේ පළමු වරටය.

මෙවැනි කෘමි දෂ්ට කිහිපයකින් මිනිසකු මරණයට පවා පත්විය හැකිය. මිනිසුන්ට දෂ්ට කිරීම හැර මී මැස්සන් විනාශ කිරීමටද මෙම කෘමියා කටයුතු කරයි.

මී මැස්සන්ගේ සිරුර මෙම කෘමියාගේ පැටවුන් හට ආහාරයක් වෙයි. මොවුන් ඇමෙරිකාව පුරා ව්‍යාප්ත වී, මී මැස්සන් විනාශ කිරීමට පෙර මොවුන් වැනසීමට විද්‍යාඥයින් මහා මෙහෙයුමක් දැන් අරඹා ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න