Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 49 ලක්ෂය ඉක්මවයි

|Wed,20 May 2020 |Miscellaneous| Page Views :

කොවිඩ් නයින්ටීන් වසංගතය නිසා ලොව පුරා සිදු වූ මරණ තුන් ලක්ෂ විසි හතරදහස ඉක්මවයි.

මේ වන විට වාර්තා වන සමස්ත ගෝලීය ආසාදිතයන් සංඛ්‍යාව හතළිස් නවලක්ෂ අසූ පන්දහසකට අධිකයි.

ලොව පුරා කොවිඩ් - 19 ආසාදිතයන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් අමෙරිකාව සතු වීම ගෞරවයක් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු පවසන්නේ එමගින් රට තුළ කොවිඩ් - 19 පරීක්ෂණ සිදුකිරීම ඉතා යහපත් මට්ටමක පවතින බව පෙනී යන බවයි.

අද වනවිට අමෙරිකාවෙන් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 1.5 ඉක්මවයි.

වාර්තා වන සමස්ත මරණ ගණන 92 000 කට ආසන්නයි.

ගත වූ පැය 24 තුළ එරටින් අලුතින් මරණ 1,552 ක් වාර්තා වී තිබුණි.

ලොව දෙවනුවට වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ රුසියාවෙන්.

එරටින් හඳුනාගෙන ඇති ආසාදිතයන් ලක්ෂ 3 කට ආසන්න අතර සිදුව ඇති සමස්ත මරණ ගණන 2,837 කි.

රට තුළ උද්ගතව පවතින තත්ත්වය හමුවේ සියලූ මතභේද පසෙකලා අමෙරිකාවේ සහය පැතීමට රුසියාවට සිදුව තිබේ.

ඒ අනුව අමෙරිකාවෙන් 'කෘතීම ශ්වසන යන්ත්‍ර ' 200ක් මේ සතියේදී රුසියාවට ලැබෙනු ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න