Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කොවිඩ්වලින් පසු පළමු ටෙස්ට් තරගාවලි ජය එංගලන්තයට

|Wed, 29 July 2020 |Miscellaneous| Page Views :

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ක්‍රීඩාවට එල්ලවූ බලපෑම්වලින් පසු පැවති පළමු ටෙස්ට් තරගාවලියේ ජය ලබාගැනීමට එංගලන්තය ඊයේ සමත්විය. ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ මැන්චෙස්ටර් හි පැවති තුන්වන ටෙස්ට් තරගය ලකුණු 269 කින් ජයගැනීමත් සමඟයි.

මෙම තරගාවලියේ පළමු තරඟය කොදෙව් කණ්ඩායම ජය ගත් අතර, දෙවන තරඟ ජය ගත්තේ එංගලන්තයයි. ඊයේ අවසන් වූ තුන් වන තරඟයේ ජයග්‍රහණය සඳහා ලකුණු 399ක ඉලක්කයක් කොදෙව් කණ්ඩායමට හිමි වූ නමුත්, ඔවුන්ගේ දෙවන ඉනිම ලකුණු 129කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත්වුණාය.

අවසන් තරඟයේදී දවා ගත් කඩුලු 4ත් සමඟ ස්ටුවට් බ්‍රෝඩ් කඩුලු 500ක් ලබාගත් වේග පන්දු යවන්නන් අතර සිව්වන ස්ථානයට පත්වීම ද විශේෂත්වයක්.ලොව ටෙස්ට් කඩුලු ලාභීන් අතර ඔහු පසුවන්නේ 7 වන ස්ථානයේයි.ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් තවමත් එහි පෙරමුණේ පසුවේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න