Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විස්ස අධ්‍යයනයට අගමැති කමිටුව අද රැස්වේ

| Mon, 14 September 2020|Miscellaneous| Page Views :

යෝජිත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යනය කොට වාර්තාවක් සැපයීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පත් කරන ලද කමිටුව එහි සභාපති අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ ප්‍රධානත්වයෙන් අද රැස්වේ.

එම කමිටුව විසින් සකස් කරනු ලබන වාර්තාව අග්‍රාමාත්‍යවරයා වෙත හෙට භාරදීමට නියමිත අතර, අග්‍රාමාත්‍යවරයා එය අනිද්දා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇත.

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කොට වාර්තාවක් සැපයීම සඳහා අග්‍රාමාත්‍යවරයා මැති ඇමතිවරුන් 9 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබුවාය.

අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල, අලී සබ්රි, නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, එස්. වියාලේන්ද්‍රන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා මෙන්ම ප්‍රේමනාත් සී. දොලවත්ත ද මෙම කමිටුවේ සෙසු සාමාජිකයින්.

මේ අතර යෝජිත විසිවන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අධ්‍යයනය කිරිමට ශ්‍රී ලංකා නීතීඥ සංගමයද 15 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කර ඇති අතර, ජනාධිපති නීතීඥ නිහාල් ජයමාන්න එහි සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න