Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නෞකාවේ කපිතාන්ගේ ප්‍රකාශ අද අධිකරණයට

|Mon, 14 September 2020|Miscellaneous| Page Views :

ගිනිගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සටහන් කර ගත් ප්‍රකාශ පිලිබඳ වාර්තාවක් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කළාය.

ඒ ඉදිරි ක්‍රියාමාර්ග සදහා නියෝගයක් ලබා ගැනීමටයි. නෞකාවේ පතුල සම්පූර්ණයෙන්ම නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ කිමිදුම්කරුවන්, නාවික හමුදා කිමිදුම්කරුවන් සමඟ එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කළා. ගැඹුරු මුහුදේ මෙම මෙහෙයුම පුහුණු අභ්‍යාසයක් ලෙස සලකා සිදුකරන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා සඳහන් කළේය.

නාවික හමුදා කිමිදුම්කරුවන් පෙරේදා නෞකාවේ පිටුපස පතුලේ දැවිතෙල් කාන්දු වූ විවර දෙකක් වසා දැමීමට සමත් වුණාය.නෞකාව මේ වනවිට මඩකලපුව සහ කල්මුණේ අතර මුහුදු ප්‍රදේශයේ ගොඩබිමට නාවික සැතපුම් 47 ක් දුරින් පැවැත්වේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න