Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අද සිට බස්, ත්‍රීවිල් සහ යතුරුපැදි එක මඟක

|Wed, 16 September 2020|Miscellaneous| Page Views :

බස්නාහිර පළාතේ මාර්ග 04 ක් කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක බස් ප්‍රමුඛතා මංතීරු නීති පෙරහුරුවේ තුන්වන දිනය අදයි. මංතීරු නීතිය යටතේ අද සිට බස් රථ, ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ධාවනය කළ යුතු වන්නේ බස් රථ සඳහා වෙන් කර ඇති මංතීරුවේ පමණක් බව පොලීසිය පවසනවා.

කෙසේ වෙතත්, මෙම තීරණයට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විරෝධය පළ කළාය. මේ අතර, කොළඹ නගරයේ දැනට ක්‍රියාත්මක පෙරහුරු කාලසීමාවෙන් පසු මංතීරු නීතිය උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව රුපියල් දෙදහසක දඩයක් පැනවීමට පියවර ගන්නා බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කියා සිටියේය.

එසේම, මංතීරු නීතිය පිලිබදව දැනුවත් කෙරෙන පුවරු මාර්ගයේ ප්‍රදර්ශනය කළ කාන්තා පොලිස් නිලධාරිනියන් එම රාජකාරියෙන් ඉවත් කර වෙනත් රාජකාරියක් සඳහා යොදවන ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් උපදෙස් ලබාදී තිබේ.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලත් බරපතල ගැටළුවක් බවට පත්ව ඇති වාහන තදබදයට විසඳුමක් ලෙස මෙම මංතීරු නීතිය පෙරේදා සිට යළි ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගත්තාය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න