Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බූවැලිකඩ සිද්ධිය ගැන තවත් වාර්තාවක්

|Thu, 24 September 2020|Security| Page Views :

මහනුවර - බූවැලිකඩ පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මහ නගර සභාව ඇතුළු ආයතන කිහිපයකින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කැඳවූ වාර්තාව අද ලබාදීමට නියමිතයි.

මෙම සිද්ධියත් සමඟ අවිධිමත් හා අනවසර ගොඩනැගිලි පිළිබඳව විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ විසින් කමිටුවක් පත්කරනු ලැබුවාය.

එම කමිටුව ඊයේ ප්‍රථම වරට දිස්ත්‍රික් ඉංජිනේරු කාර්යාලයේදී රැස්වූ අතර, එහිදී තාක්ෂණික ක්‍රමවේද 07 ක් ඔස්සේ මහනුවර නගරයේ අවිධිමත් හා අනවසර ගොඩනැගිලි පිළිබඳව විමර්ශනයක් සිදුකරනු සති දෙකක් තුළ නගරයේ අදාළ ගොඩනැගිලි සම්බන්ධයෙන් සොයා බැලීම සිදුකරන අතර, ඉන් පසු අදාළ වාර්තාව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට ලබාදෙන බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පසුගිය 20 වනදා ජීවිතක්ෂයට පත්වු මාස එකහමාරක් වයසැති බිළිඳිය සහ ඇගේ දෙමව්පියන්ගේ අවසන් කටයුතු ඊයේ සිදු කෙරුණි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න