Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කහ කුඩු ජාවාරමක් වටලයි

|Fri,September 25, 2020|Security| Page Views :

ශරීරයට අහිතකර විවිධ රසායනික ද්‍රව්‍ය මිශ්‍රකර කහ කුඩු සකස්කර අලෙවි කිරීමේ මහාපරිමාණ ජාවාරමක් පොලීසිය මගින් වටලනු ලැබු අතර රාජ්‍යබුද්ධි සේවයට ලැබුණු තොරතුරක් මත ගම්පහ පොලීසියයි වැටලීම සිදු කර ඇත.

ඒ ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේදී. කෘත්‍රිම ද්‍රව්‍ය එක්කර සකස්කළ කහකුඩු කිලෝග්‍රෑම් 200 ක් ද සමග සැකකරුවන් දෙදෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට පත්වුණාු අතර ව්‍යාජ ලේබල් යොදාගෙන මෙම කහකුඩු පැකට්කර ගම්පහ දිස්ත්‍රික්කයේ වෙළෙදසැල්වලට අලෙවිකර ඇත.

සැකකරුවන් පවසා ඇත්තේ ශරීරයට අහිතිකර කෘත්‍රිම ද්‍රව්‍ය අඩංගු මෙම කහපාට කුඩු වර්ගය කොළඹ ප්‍රදේශයෙන් ලබාගත් බවත් ඒ අනුව මෙම අහිතකර කහ කුඩු දිවයින පුරා බෙදාහැර ඇති බවට විශ්වාස කෙරෙන අතර ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ද ක්‍රියාත්මක කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න