Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අනුලා බුලත්සිංහල අභාවප්‍රාප්ත වෙයි

|Fri, 16 October 2020|Miscellaneous| Page Views :

ප්‍රවීන වේදිකා නාට්‍ය සහ සිනමා රංගන ශිල්පිනියක මෙන්ම ගායිකාවකද වන අනුලා බුලත්සිංහල වයස අවුරුදු 73ක්ව සිටියදී අභාවප්‍රාප්ත වි ඇත. අනුලා බුලත්සිංහල අද පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්ත වූ බවයි ඇයගේ සැමියා වන ප්‍රවීන නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහල හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කර ඇත.

කුවේණි සහ මහාසාර නාටකවල රංගනයන්ගෙන් කුසලතා පෙන්වූ අනුලා බුලත්සිංහල, භවත්‍රා ටෙලිනාට්‍යය, සහ අසන්ධිමිත්තා, නිල්දිය යහන වැනි සිනමා පටවලින්ද ප්‍රේක්ෂකයින් අතරට පිවිසි ඇත.

දයානන්ද ගුණවර්ධනයන්ගේ මධුර ජවනිකාවෙහි නෙයිනගේ සූදූව රඟමින් ඇය ඉදිරිපත් කළ ගායනය රසිකයන්ගේ මතකයේ නොමැකෙන සටහනකි. විජේරත්න වරකාගොඩ සමඟ රඟහල දැන් ඇත අඩඅඳුරේ ගායනය මුලින්ම ඉදිරිපත් කළේද අනුලා බුලත්සිංහලයි. අභාවප්‍රාප්ත අනුලා බුලත්සිංහලගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට බොරැල්ල සුසානභූමියේදී සිදුකිරීමට නියමිතව ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න