Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අනුමැතියෙන් තොරව මුව ආවරණ ලක්ෂ 50ක් ගෙනල්ලා

|Sat, 21 November 2020|Miscellaneous| Page Views :

දිවයින පුරා රෝහල්වල ශල්‍ය මුව ආවරණ දෛනික අවශ්‍යතාව දෙලක්ෂ පනස් දහසක් වන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.එම නිසා ලක්ෂ දහයක පමණ මුව ආවරණ ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාමට අමාත්‍යාංශය තීරණය කර ඇත.

රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ දේශීය කර්මාන්තකරුවන් 15 දෙනාගෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය මුව ආවරණ වැඩි වශයෙන් ලබා ගැනීමට තීරණය කර ඇති බවයි. කෙසේ වෙතත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව ඇතැම් ආනයනකරුවන් මුව ආවරණ විදේශ රටවලින් ආනයනය කිරීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවද දේශීය නිෂ්පාදකයෝ පෙන්වා දෙති.

එලෙස ආනයනය කළ මුව ආරවණ දේශපාලන බපලපෑම් මත වරායෙන් සහ ගුවන්තොටුපොළින් නිදහස් කර ගන්නා බව එම දේශීය නිෂ්පාදකයන් ඖෂධ නිෂ්පාදනය, සැපයීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය වෙත පැමිණිලි කර තිබේ. අනුමැතියකින් තොරව ගෙන්වන ලද මුව ආවරණ ලක්ෂ පනහක් පමණ මේ වන විට වරායේ සහ ගුවන්තොටුපොළේ සිර වී ඇති බවද වාර්තා වෙයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න