Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ප්‍රධාන ආයතන 50කට සයිබර් ප්‍රහාරයක් ...

|Wed, 23 December 2020|Security| Page Views :

ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පෙළේ ආයතන පනහකට ආසන්න ප්‍රමාණයක් සයිබර් ප්‍රහාරයට සෘජුවම ලක්වී තිබේ. දැනට සොයාගෙන ඇති තොරතුරුවලට අනුව ප්‍රහාරකයන්ගේ ඉලක්කය වී ඇත්තේ ඇමරිකානු භාණ්ඩාගාරය, අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව, රාජ්‍ය දෙපාර්තමේන්තුව හා ආරක්ෂක දෙපාර්තමේන්තුව ආදි විශේෂිත ආයතනවල වෙබ් අඩවි අක්‍රමණය කිරීමයි.

මේ අතර සයිබර් ප්‍රහාරය පිටුපස රුසියාව සිටින බවට ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පයෝ චෝදනා කරයි.

​‘මෙය ඇමරිකාව දිගින් දිගටම මුහුණ දෙන තත්ත්වයක්. 90 දශකයේදීත් ඉන්පසු 2000 ගණන්වලදීත් අප ඊට මුහුණ දුන්නා. ඒ පිටුපස රුසියානු විදේශ ඔත්තු සේවා සිටින බව ඇමරිකානු බලධාරීන් දන්න කාරණයක්’ යැයි FIRE EYE නම් ආයතනයේ ප්‍රධානී කෙවින් මැන්ඩියා ප්‍රකාශ කර තිබේ.

මේ අතර මෙම සයිබර් ප්‍රහාර වැළැක්වීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන බවට නව ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රතිඥා දී තිබේ. ජනවාරි 20 වැනිදා ඔහු සිය ධුරයේ වැඩ භාරගැනීමට නියමිතය.

SOLAR WINDS නම්​ ටෙක්සාස්හි පිහිටි තොරතුරු තාක්ෂණ ආයතනයක මෘදුකාංගයක් හරහා වැදගත් වෙබ් අඩවිවලට ප්‍රවේශවීමට ‘හැකර්වරුන්’ උත්සාහ දරා තිබිණි. රජයේ ප්‍රධාන ආයතන කිහිපයක පමණක් තොරතුරු සොරකම් කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේ. අදාළ ආයතනය මීට පෙර ප්‍රකාශ කළේ ලක්ෂ තුනක් පමණ වන සිය ගනුදෙනුකරුවන්ගෙන් දහඅටදහසක්ම දැනටමත් එම ප්‍රහාරයට ගොදුරු වී ඇති බවය.

දශක තුනක් තිස්සේ මොස්කව් පාලනයට සම්බන්ධ ඔත්තු සේවා විසින් මෙබඳු සයිබර් ප්‍රහාර හරහා එක්සත් ජනපදයේ රාජ්‍ය රහස් සොරා ගැනීමට උත්සාහ දරා තිබේ. ඒ අතර බ්‍රිතාන්‍ය වැනි අනෙක් රටවල ආයතනද ඔවුන්ගේ ඉලක්ක බවට පත්වී ඇති බව සඳහන්ය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න