පුරාවිද්‍යා ස්මාරක පිහිටි භූමියක නිධන් හෑරූ පිරිසක් අත්අඩංගුවට
|Sun, 10 January 2021|Miscellaneous| Page Views :
|
|
ලාහුගල වනෝද්‍යානය තුළ පුරාවිද්‍යා ස්මාරක පිහිටි ස්ථානයක නිධන් හෑරීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් 8 දෙනෙක් ආරුගම්බේ විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් පිරිස අතරින් 6 දෙනෙක් තිරුක්කෝවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් දෙදෙනා අම්බලන්ගොඩ හා මාතලේ පදිංචිකරුවන් වේ.
ලාහුගල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී, මේ ආකාරයට සංවිධානාත්මකව නිධන් හෑරීමේ කටයුත්තේ නිරතව ඇති බවට තොරතුරු අනාවරණය වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පොතුවිල් පොලිස් ස්ථානයට භාර දී තිබේ.
සැකකරුවන් පොතුවිල් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරී 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
|
|