පළාත් කිහිපයකට අදත් ගිඟුරුම් සහිත වැසි
|Tue, 12 January 2021|Miscellaneous| Page Views :
|
|
උතුරු, නැගෙනහිර, උතුරු මැද, ඌව සහ මධ්‍යම පළාත්වල විටින්විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මෙම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසිද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දි ඇත.සෙසු ප්‍රදේශවල අද (12) පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.
කෙසේ වෙතත්, දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි අතර උතුරු සහ උතුරු මැද පළාත්වල සුළඟේ වේගය විටින්විට පැයට කිලෝ මීටර් (40-50) දක්වා වැඩිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
|
|