Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කොස්ගොඩදී හෙරොයින් කිලෝ 20 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය සොයා ගනී

|Wed, 13 January 2021|Miscellaneous| Page Views :

බලපිටිය - කොස්ගොඩ ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 20 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් බෙදාහැරීමේ අරමුණින් මෙම මත්කුඩු තොගය සඟවා තබන්නට ඇතැයි සැක කරන බවයි.

එම මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.මේ අතර, රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු අතුරුගිරිය බෝධිරාජ මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

නුගේගොඩ කොට්ඨාස මත්ද්‍රව්‍ය ඒකකය ඊයේ සිදු කළ වැටලිමකදී අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200 ක් පොලිස් භාරයට ගනු ලැබුවාය.

අත්අඩංගුවට ගත් සැකකරු මහා පරිමාණයෙන් අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරත කිරිබත්ගොඩ ප්‍රදේශයේ ජාවාරම්කරුවෙකුගේ ප්‍රධානතම ගෝලයෙකු බවයි පොලිසිය සඳහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න