Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තිරිඟු පිටි මිල වැඩි කරන ලෙස ඉල්ලීමක්...

|Mon, 03 May 2021|Miscellaneous| Page Views :

ලෝක වෙළෙඳපොළේ තිරිඟු මිල 20%කින් වැඩිවීම නිසා සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සමාගම නිෂ්පාදනය කරන 7 Star තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 18කින් අද (3දා) සිට වැඩි කරන බව එම සමාගම අලෙවි නියෝජිතයන්ට දැනුම් දී තිබේ.

පසුගිය වසර හයක කාලය තුළ තිරිඟු පිටි මිල සංශෝධනයකට ලක් කර නොමැත. තිරිඟු ප්‍රවාහන පිරිවැය 50%කින්ද ඇසුරුම් ද්‍රව්‍ය මිල 20%කින්ද වැඩි වී ඇති බව එම ආයතනය සඳහන් කරයි.එම නිසා තිරිඟු පිටි මිල වැඩි කළ යුතු බව ආයතනය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියටද දැනුම් දී තිබේ.

එහෙත් නිසි අවසරයකින් තොරව මිල වැඩි නොකරන ලෙස අධිකාරිය සමාගමට දැනුම් දී තිබේ. ප්‍රීමා සමාගමටද තිරිඟු පිටි මිල වැඩිකිරීම සඳහා මෙතෙක් අවසර ඉල්ලා නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. පාන් පිටි කිලෝග්‍රෑමයක පාලන මිල රුපියල් 87ක් බවටද සදහන් කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න