Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අබුඩාබි ලොතරැයිය ජයලැබූ ශ්‍රී ලාංකිකයා

|Tue, 04 May 2021|Miscellaneous| Page Views :

"තාත්තාගේ ශල්‍යකර්මය කිරීමට මේ මුදල ඉතා වටිනවා." එසේ පවසන්නේ ඩුබායි හි පෞද්ගලික සමාගමක "විකුණුම් වෘත්තිකයෙකු" ලෙස සේවය කරන ශ්‍රී ලාංකික තරුණයෙකු වන මොහොමඩ් මිස්ෆාක් ය. 36 හැවිරිදි මිස්ෆාක් ඊයේ කෝටිපතියෙක් බවට පත්වුයේ ඔහු කිසිවිටෙක බලාපොරොත්තු නොවූ ආකාරයට ය.

ඒ ඔහු "Abu Dhabi Big Ticket" ලොතරැයි දිනුම් ඇදීමේ පළමු දිනුම වූ ඩිරාම් මිලියන 12 ක මුදලක් ජයග්‍රහණය කිරීමට සමත් වීමෙනි. ඔහු ජය ලබා ඇති මුදල ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රු. මිලියන 643 ක් හෙවත් රු. කෝටි 64ක් පමණ වේ. නිවාඩුවක් සඳහා ඔහු මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටී.

ගල්ෆ් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ "මෙය තමන්ට අදහා ගත නොහැකි" දෙයක් වූ බවය. මෙම ජයග්‍රාහී ටිකට්පත සඳහා 20 දෙනෙකු දායකත්වය ලබා දුන් බවත් ඒ අනුව තමන්ගේ පංගුව ඩිරාම් 600,000 ක් වන බවත් ඔහු මෙහිදී කියා ඇත.

තම පියා හට ශල්‍යකර්මයක් සිදුකළ යුතුව ඇති බැවින් මෙම මුදල් මේ අවස්ථාවේ දී ඉතා වටින බව ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා ඇත. මොහොමඩ් මිස්ෆාක් ගේ මාසික වැටුප ඩිරාම් 7,000 ක් පමණ වන අතර පසුගිය වසර 10 ක කාලයක් පුරාවට ඔහු ඩුබායි හි සේවය කර ඇත.

සිය මිතුරන් 20දෙනා සමඟින් පසුගිය වසර 1 1/2 ක පමණ කාලයක සිට Big Ticket ලොතරැයි මිලදී ගැනීමට ඔහු පුරුදු වී තිබේ. දිනාගත් මුදලින් වැඩි ප්‍රමාණයක් තම පවුලේ මූල්‍ය ගැටලු විසඳීමට සහ ශ්‍රී ලංකාවේ තම බිරිඳට සහ දරුවන් දෙදෙනාට නිවසක් ඉදිකිරීමට යොදවන බව ඔහු පැවසීය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න