Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තෛපොංගල් දිනය අදයි.

|Fri, 14 January 2022|Miscellaneous| Page Views :

හින්දු භක්තිකයින් උත්සවශ්‍රියෙන් සමරන තෛපොංගල් දිනය අදට යෙදී තිබේ. “අස්වනු නෙළීමේ උත්සවය” යන්න තෛපොංගල් යන්නෙහි අරුත වෙයි. කෘෂිකර්මාන්තයෙන් ලබාගත් පළමු අස්වැන්න සූර්යයාට පූජා කරමින් අස්වැන්න සරු වීමට කෘතගුණ දැක්වීම මෙහිදි සිදුකෙරේ.

හින්දු දින දර්ශනයට අනුව උදාව යන්න අර්ථවත් කරමින් තෛපොංගල් ලෙස සමරන මෙම උත්සවය ලොව පුරා දමිළ ජනතාවගේ ආගමික, සමාජීය හා සංස්කෘතික බැඳීම් විදහාපානු ලබන බවයි හින්දු ආගමික නායකයින් පවසා සිටී.

මේ අතර තෛපොංගල් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වාදෙන්නේ සුරක්ෂිත දේශයක සෞභාග්‍ය හා සශ්‍රීකත්වය වෙනුවෙන් කැපවී සිටින සියලු දෙනාට සූර්ය දෙවියන්ගේ ආශිවාර්දය හා රැකවරණය නිතැතින් උදාවන බවය.

හරිත කෘෂි කර්මාන්තයක් සදහා වන ජාතික ප්‍රතිපත්තිය සාර්ථක වනු දැකීම බහුතර ශ්‍රි ලාංකික ජනතාවගේ අපේක්ෂාව වන අතර තෛයිපෝංගල් සමය ඒ සදහා දැඩි උද්යෝගයක් සපයන බවද ජනාධිපතිවරයා එම පණිවුඩයෙන් දන්වා තිබේ.

සෞභාග්‍යමත් දේශයක් ලෙස ලොවට පියනැගීම සඳහා වූ උදාර අරමුණ සාක්ෂාත් කර ගැනීමේ දී තෛපොංගල් දින අර්ථයන් මහඟු පිටුබලයක් වනු ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තෛපොංගල් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

අග්‍රාමාත්‍යවරයා එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසන්නේ එම නිසා මෙවැනි උතුම් දිනයක ඇති සමාජ අර්ථය ජීවිතයට ළඟා කර ගනිමින් එක මවකගෙ දරුවන් මෙන් අප සියලු දෙනා පෙරට ආ යුතු බවය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න