කසකස්තානයේ පසුගියදා සිදුවූ විරෝධතා ගැටුමේ රහසක් හෙළිවේ
Fri, 14 January 2022- Page Views : 0 results කසකස්තානයේ පසුගියදා සිදුවූ විරෝධතා, ප්‍රචණ්ඩකාරී කැරැල්ලක් බවට පරිවර්තනය කිරීමට විදේශයන්හි සිට පැමිණි අන්තවාදී කල්ලි සාමාජිකයන් පිරිසක් සම්බන්ධ වී සිට ඇති බව අනාවරණය වී තිබෙි.
එරට සහ අන්තර්ජාතික විශේෂඥයන් පිරිසක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඇෆ්ගනිස්තානයට සහ පකිස්තානයට සම්බන්ධ ඉස්ලාම් අන්තවාදී කල්ලි සාමාජිකයන් පිරිසක් මෙම මැදිහත්වීම සිදුකර ඇත.
මෙම පිරිස නගරවල සටන්කිරීම සම්බන්ධයෙන් පුහුණුව ලැබූ පිරිසක් බව පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි ද සදහන්. ගෑස් මිල ඉහළයාම ඇතුළු හේතු කිහිපයක් පදනම් කරගෙනයි කසකස්තානයේ පසුගියදා මෙම විරෝධතා ව්‍යාපාර සිදුකර තිබෙි.
පසුව එම විරෝධතා ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගත් අතර එය පාලනය කිරීම සදහා රුසියාවෙන් පවා විශේෂ හමුදා කණඩායමක් කැදවනු ලැබුවා. විරෝධතා පාලනය කිරීමේදී පුද්ගලයන් 160 ක් පමණ මියගිය අතර තවත් දහස් ගණනක් තුවාල ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙි.