ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රදේශයේ සිදුවු බිහිසුණු දුම්රිය අනතුර...
Fri, 14 January 2022- Page Views : 0 results
ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රදේශයේ සිදුවු දුම්රිය අනතුරකින් මගීන් 7 දෙනෙකු මියගොස් තිබේ. දුම්රිය මැදිරි 12ක් පිළිපැනීමට ලක්වීමෙන් මෙම අනතුර සිදුව ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම අනතුරින් තවත් 45 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය. ඉන් 10 දෙනෙකුගේ තත්වය බරපතල බව බෙංගාල රෝහල් බලධාරීන් ප්‍රකාශ කර ඇත. මේ අතර මැදිරි තුළ සිරවී සිටින මගීන් මුදාගැනීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා සදහන් කර තිබේ.