WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රූ රැජින කිරුළ සොයා පුෂ්පිකා ඇමරිකාවට...

Fri, 14 January 2022- Page Views : 0 results

කාගේත් කතාබහට ලක්වූ ලෝක විවාහක රූ රැජින තරගය හෙට (ජනවාරි 15) වැනිදා උත්කර්ෂවත් ආකාරයට පැවැත්වීමට ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නගරය මේ වනවිටත් සූදානම් වෙමින් පවතීව බවට වාර්තා කර ඇත.

පසුගිය වසරේ ලෝක විවාහක රූ රැජින ලෙස කැරොලයින් ජූරි අභිෂේක ලැබූ අතර එම නිසා මෙවර එම තරගාවලිය පැවැත්වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි විය.

නමුත් ශ්‍රී ලංකාවේ පැවති විවාහක රූ රැජින තරගයේ සිදුවීමක් නිසා කැරොලයින් ජූරි තමාගේ කිරුළ අත්හරින බව ප්‍රකාශ කරන ලදී. ඉන්පසු ලෝක විවාහක රූ රැජින කිරුළ ඇමරිකාව සතු විය. එම නිසා 2022 ලෝක විවාහක රූ රැජින තරගයේ සත්කාරකත්වය ඇමරිකාවට හිමි විය.

කොතරම් බාධක ප්‍රශ්න පැමිණියත් මෙවර විවාහක රූ රැජින තරගයට ඉදිරිපත් වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන තරගකාරිය පුෂ්පිකා සඳමාලි පසුගියදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියාය. 2011 වර්ෂයේ මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගත් පුෂ්පිකා සඳමාලි එතැන් සිට විවිධ ජාත්‍යන්තර තරග සඳහා නිරූපිකාවක් ලෙස ඉදිරිපත් විය.

2011 වර්ෂයේ සංචාරක රූ රැජින තරගයට ඉදිරිපත් වන ඇය 2013 වර්ෂයේදී ලොව හොඳම නිරූපණ ශිල්පිනිය බවට පත් විය. පසුගියදා ශ්‍රී ලංකාවේ පැවති විවාහක රූ රැජින අවසාන මහා තරගයේ පුෂ්පිකා ලොවම කතා කරන මාතෘකාව වූයේ එහිදී ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය නිසා බව සදහන් කර ඇත.

ඇයට විවාහක රූ රැජින වීමට අවසරයක් නැති බව එක් පාර්ශ්වයක් චෝදනා කරමින් ඇගේ කිරුළ ගලවා දැමීමට උත්සාහ කළත් අවසානයේ 35 වැනි ලෝක විවාහක රූ රැජින තරගය සඳහා ඉදිරිපත් වී‍මේ අවස්ථාව උදාකර ගැනීමට පුෂ්පිකා සඳමාලිට හැක.

මේ අනුව රටවල් 58ක් සහභාගි වන ලෝක විවාහක රූ රැජින තරගයේ ලංකාවට කීර්තියක් ලබාදීමේ අරමුණින් පසුගියදා ඇය ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියාය. ලංකා මාතාව ලෝකය ඉදිරියට ගෙන ගොස් ජයග්‍රහණයක් ලබාදෙන්න මට ජනතාවගේ ආශිර්වාදය හා ශක්තිය ලැබෙනවා. මම විශ්වාස කරනවා මට එය කළ හැක.

පිටත්ව යාමට මොහොතකට පෙර පුෂ්පිකා මාධ්‍යට ප්‍රකාශ කළාය. ශ්‍රී ලාංකීය කලාකරුවන්ද ඇයට සුබ පතා පණිවිඩ නිකුත් කර ඇති අතර ලබන ඉරිදා රාත්‍රියේදී නැවතත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර රූ රැජින තරගාවලියක පහස විඳ ගැනීමට අවස්ථාව ලැබේවි යන්න ශ්‍රී ලාංකීය ජනතාවගේ ප්‍රාර්ථනය වී ඇත.