විදුලි බිඳවැටීම් අවසන් ද?...
Fri, 14 January 2022- Page Views : 0 results
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් ලබාදෙන බවට පොරොන්දු වූ බව ලංකා විදුලි බල මණ්ඩලය සදහන කර ඇත. එලෙස ඩීසල් ලබා දුන්නහොත් යම්තාක් දුරට විදුලි බිඳ වැටීම් අවම කරගත හැකි බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමානි මහතා සඳහන් කර ඇත.
ඉන්ධන නොමැතිවීමත් සමග විදුලි බලාගාරවල ජනන යන්ත්‍ර කිහිපයක් අක්‍රිය වීම නිසා ඊයේ (13) පස්වරුවේ සිට දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලි බිඳවැටීමක් සිදුව ඇත.
ජාතික පද්ධතියට මෙගාවොට් 300 ක අඩුවක් පැවතීම හේතුවෙනුයි දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳ වැටීම සිදු වී ඇත. එසේම, දැවිතෙල් අර්බුදයක් ද මතු වීම හේතුවෙන් ඉදිරියේදී විදුලි අර්බුදය තවදුරටත් උග්‍රවිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කර ඇත.
පවතින අර්බුදයත් සමග ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් විදුලි බල මණ්ඩලය වෙත ලබාදීමට පොරොන්දු වී තිබෙ. කෙසේ නමුත් නියමිත පරිදි ඉන්ධන නොලැබුණහොත් අද දිනයේදීද විදුලිය කප්පාදුවක් සිදු කෙරෙනු ඇති බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර ඇත.