WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රුසියානු යුක්‍රේන සාම සාකච්ඡාවලට පැමිණි තිදෙනෙකුට විෂ ශරීර ගතවෙයි....

Tue,March 29, 2022- Page Views : 0 results

යුක්‍රේන රුසියානු සාම සාකච්ඡා සදහා පැමිණි තිදෙනෙකුට විෂ ශරිර ගතවී ඇතැයි වාර්තා පලවී තිබේ. එලෙස විෂ ශරීර ගතවී ඇත්තේ සාම සාකච්ඡා සදහා සහභාගී වූ රුසියානු කෝටිපති වයාපාරිකයෙකුට සහ යුක්‍රේන නියෝජිතයන් දෙදෙනෙකුට බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර තිබේ.

ඔවුන් සමේ දැවිල්ල, ඇස් කැසීම් ආදි රෝග ලක්ෂණ වලින් පීඩා විද ඇති බවද පවසා ඇත.එම පුද්ගලයින් තිදෙනාට විෂ ශරීර ගත වූයේ කෙලෙස ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති බව වාර්තා වී ඇත.

අදාළ සාකච්ඡාවලදී ඔවුන් ආහාරයට ගෙන ඇත්තේ ද චොක්ලට් හා ජලය පමණක් බවයි විදෙස් වාර්තාවල දක්වා තිබේ. කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් රුසියාව නිහඬ පිලිවෙතක් අනුගමනය කරන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ සම්බන්ධයෙන් ඔවුන් කිසිදු පාර්ශ්වයකට චෝදනා එල්ල කර නොතිබීම ද විශේෂත්වයක් විම බවද තව දුරටත් සදහන් තර තිබේ.