සාම සාකච්ඡා ගැන නව බලාපොරොත්තු තබමින් රුසියානු යුක්‍රේන නියෝජිතයින් තුර්කියට....
Tue,March 29, 2022- Page Views : 0 results
සාම සාකච්ඡාවල නව වටයක් ආරම්භ කිරීම සදහා රුසියානු හා යුක්‍රේන නියෝජිතයන් තුර්කියට පැමිණ තිබේ. තුර්කියේ ස්තාන්බූල් නුවරදී අද එම සාකච්ඡා ආරම්භ වීමට නියමිතව ඇත. එම සාම සාකච්ඡා පැවැත්වෙන්නේ තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ඩගොන් ගේ මූලිකත්වයෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
රුසියානු යුක්රේන නියෝජිතයන් සාම සාකච්ඡා සදහා තුර්කියේදී මුහුණට මුහුණ හමුවන පළමු අවස්ථාව ද මෙය බව පුකාශ කර ඇත. යුක්‍රේන නියෝජිත කණ්ඩායමට එරට ආරක්ෂක අමාත්‍යවරයා සහ ජනාධිපති කාර්යාලයේ ප්‍රධානියා ද ඇතුළත් බවට විදෙස් මාධ්‍ය පවසා ඇත.
මේ අතර යුක්රේනය පවසන්නේ සාම ක්‍රියාවලියකට එළඹීම සිය මූලික අපේක්ෂාව බවට සදහන් කර ඇත. එහෙත් යුද ගැටුම් නැවැත්වීමට නම් නේටෝ සංවිධානය සමග එක්වීමට දරණ උත්සහය අත්හැරීමට යුක්‍රේනය කටයුතු කල යුතු බව රුසියාව අවධාරණය කර ඇත.
මේ අතර රුසියාවට එරෙහිව තවදුරටත් සම්බාධක පනවන ලෙසයි යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි ලෝක ප්‍රජාවගෙන් යලිත් ඉල්ලා තිබේ. එහිදී රුසියාවෙන් සිදු කරන බොරතෙල් ආනයනය අත්හිටුවන ලෙස ද යුක්රේනය ලෝක බලවතුන්ගෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.