ඊයේ වැඩිම ආසාදිතයින් ජර්මනියෙන්....
Tue,March 29, 2022- Page Views : 0 results
ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 225 කින් කොරෝනා ආසාදිතයින් නවලක්ෂ හතලිස් දහසකට ආසන්න සංඛ්‍යාවක් හමුව ඇත. සිදුව ඇති මරණ සංඛ්‍යාව 2,780 ක් බවට වාර්තාවී තිබේ.
ඊයේ දිනයේදී වැඩිම වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ ජර්මනියෙන්. එම සංඛ්‍යාව 215,000 ට ආසන්න වී තිබේ. එමෙන්ම දකුණු කොරියාවෙන් 187,000 ක් ඔස්ට්‍රියාවෙන් 49,000 ක් ඕස්ට්‍රේලියාවෙන් 46,000 ක් හා ජපානයෙන් 43,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබේ.
ඊයේ දිනයෙත් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව වන 335 සිදුව ඇත්තේ රුසියාවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඒ සමගම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටඑක්ලක්ෂ පනස් එක්දහස ඉක්මවා ගොස් තිබේ. හමුව ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හතලිස් අටකෝටි තිස්පන් ලක්ෂයකට ආසන්න බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර ඇත.