WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චීන ජනපති ඇෆ්ගන් ජනතාව වෙනුවෙන් විශේෂ ඉල්ලීමක් කරයි....

Thu,March 31, 2022- Page Views : 0 results

නැගෙනහිර චීනයේ අන්හුයි පළාතේ පැවති ඇෆ්ගනිස්ථානයේ අසල්වැසි රටවල් අතර තුන්වන විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී චීන ජනාධිපති ෂින් ජින් පින් ඇෆ්ගන් ජනතාව වෙනුවෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

ඒ ලිඛිත ප්‍රකාශයක් කරමිනුයි චීන ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ.ඇෆ්ගන් ජනතාවට දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීමට උපරිම සහයෝගය ලබා දෙන බව අවධාරණය කළ චීන ජනාධිපතිවරයා එම අසල්වැසි රාජ්‍යවලින් ද මෙම ඉල්ලීම කර ඇත.br>
බොහෝ දුෂ්කරතා පසුකරමින් පැමිණි ඇෆ්ගනිස්ථානයට සමෘද්ධිමත් අනාගතයක් ගොඩනැගීමට කැපවන බවයි චීන ජනාධිපතිවරයා මෙහිදි පවසා තිබේ.