WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රුසියන් හමුදා වටලගෙන සිටින මරියුපෝල් දැඩි අනතුරක....

Fri,Apr 01, 2022- Page Views : 0 results

යුක්‍රේනයේ මරියුපෝල් නගරය තවමත් රුසියා හමුදාවල දැඩි වටලෑමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ. ඒ හේතුවෙන් දස දහස් සංඛ්‍යාත ජනතාවක් ආහාර නොමැතිකමින් පීඩාවට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

රුසියා ආක්‍රමණයෙන් පසු ඇතිවූ ගැටුම්වලින් පසු මරියුපෝල් නගරයේ පමණක් පුද්ගලයන් 5000කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන්ව තිබේ.

දේපලවලට ද දැඩි හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කර ඇත. කළු මුහුද ඔස්සේ මෙම ප්‍රදේශවලට ආහාර සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම ද අඩාල වී ඇත.

වරාය නගරයක් වන මරියුපෝල් යුක්‍රේනයේ බලය තහවුරු කර ගැනීමේදී ඉතා වැදගත් ස්ථානයක් බවයි දේශපාලන විශ්ලේෂකයන් සදහන් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.