WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගතවූ වසර 40 තුළ චීනය මුදවා ගත් දිළිඳු ජනගහණය මිලියන 800ක්.....

Fri,Apr 01, 2022- Page Views : 0 results

ගතවූ වසර 40 තුළ චීනය මිලියන 800කට අසන්න දිළිඳු ජනගහණයක් දරිද්‍රතාවෙන් මුදවා ගැනීමට සමත්ව තිබේ. දරිද්‍රතාවෙන් මුදවා ගැනීමේ වසර 40 ක චීන ජයග්‍රහණයේ ගාමක බලය, සුවිශේෂතාව හා ඉදිරි ප්‍රතිපත්ති ප්‍රවණතා නමැති වාර්තාවේ මේ බව දක්වා ඇත.

චීන මුදල් අමාත්‍යංශය, චීන රාජ්‍ය මණ්ඩලයේ සංවර්ධන පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය සහ ලෝක බැංකුව ඒකාබද්ධව ඊයේ(31) නිකුත් කරන ලද එම වාර්තාව දරිද්‍රතාවෙන් මුදවා ගැනීමේ චීනය ලබා ගත් ජයග්‍රහණ පූර්ණ ලෙස සාරංශ ගත කර ඇත.

ගත වූ වසර 40 තුළ දිනක ඇමරිකානු ඩොලර් 1.9ට වඩා පහළ ආදායම් ලාභී ලෝක බැංකුවේ දරිද්‍රතා මිණුම් දණ්ඩට අනුව චීනයේ මිලියන 800කට අසන්න දිළිඳු ජනගහණය දරිද්‍රතාවෙන් මුදවා ගෙන ඇත.

සමාන කාල සීමාව තුළ එම ප්‍රමාණය ගෝලීය දරිද්‍රතාවෙන් මුදවා ගත් දිළිඳු ජනගහනයෙන් සියයට 75කට අධික බව එම වාර්තාවේ සඳහන් වී තිබේ.

එමෙන්ම එම වාර්තාවට අනුව චීනය අන්ත දිළිඳුකමේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා ප්‍රධාන අනුබල දෙකක් මත ක්‍රියා කර ති‍බේ. පළමුව ආර්ථික ව්‍යුහය පුළුල් ලෙස වෙනස් කිරීමෙන් දිළිඳු පිරිසට නව සංවර්ධන අවස්ථා ලබා දී ඇති අතර ඔවුන්ගේ ආදායම් අඛණ්ඩව ඉහළ නංවා ඇත.

දෙවැන්න, භූ විෂමතා ඇතුළු පරිසර හේතුවෙන් සංවර්ධනයට බලපෑම් එල්ල වූ දිළිඳු ප්‍රදේශ වෙනුවෙන් රජය ඉලක්කගත දිළිඳුකම පිටුදැකීමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් දිගු කාලීන දරිද්‍රතාව තුරන් කිරිම බව සදහන් කර තිබේ.