WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රුසියාව ගෑස් සැපයුම් වෙනුවෙන් රූබල් ඉල්ලයි.....

Fri,Apr 01, 2022- Page Views : 0 results

රුසියාවෙන් මිලදී ගන්නා ගෑස් සඳහා රූබල් මුදල් ඒකකයෙන් ගෙවීම් සිදුකළ යුතු බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසනවා. එසේ නොකරන්නේ නම් අදාළ රටවලට සිදුකරන ගෑස් සැපයුම කපාහැරීමට සිදුවන බවයි රුසියානු ජනාධිපතිවරයා පවසා තිබේ.

ඒ අනුව අද සිට රුසියාවෙන් ගෑස් මිලදී ගන්නා රටවල් අද සිට රුසියානු බැංකුවල රූබල් ගිණුම් විවෘත කළ යුතුය යනුවෙන් වන නියෝගයකට ද රුසියානු ජනාධිපතිවරයා අත්සන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

රුසියාව පුණ්‍ය කටයුතු පදනමින් ව්‍යාපාර කටයුතු සිදුනොකරන බවත්, නිසි පරිදි ගනුදෙණු නොකරන පාර්ශව සමග පවතින ගිවිසුම් අත්හිටුවන බවත් රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ තර තිබේ.

යුක්‍රේන අර්බුදය පදනම් කර ගනිමින් බටහිර රටවල් රැසක් රුසියාවට සම්බාධක පනවා තිබේ. ඒ හේතුවෙන් රූබලයේ අගය වාර්තාගත ලෙස පහත වැටුනු අතර ඊට ප්‍රතිචාර වශයෙනුයි ගෑස් ගනුදෙණුවලදී රූබල් මුදල් ඒකකය භාවිත කළ යුතු බවට රුසියාව සිය ගැනුම්කරුවන්ට දැනුම් දී ඇත