WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පුටින්ගේ අලුත් යුද සැලැස්ම නිසා සෙලෙන්ස්කි දැඩි අසීරුවක....

Fri,Apr 02, 2022- Page Views : 0 results

රුසියා හමුදා නැවත සංවිධානය වීම සමඟ යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශවල යුද මෙහෙයුම් ඉතා අසිරු වී ඇති බව යුක්රේන ජනාධිපති වොල්දිමීර් සෙලෙන්ස්කි පවසා තිබේ.

යුක්රේනය සහ රුසියාව අතර යුද ගැටුම මේ වන විට හයවන සතියටත් එළඹ තිබේ. රුසියාව සිය යුද සැලසුම් වෙනස් කර ඇති අතර සිය හමුදාවන් යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශවලට රැගෙනයාමට කටයුතු කර ඇත. ඩොන්බාස් ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීම රුසියාවේ ඉලක්කය වී තිබේ. යුක්රේනය සඳහන් කළේ රුසියාව සිය හමුදාවන් චර්නොබිල් ප්‍රදේශයෙන් ඉවත් කර ගනිමින් සිටින බවට ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් ඩොන්බාස් සහ කර්කිෆ් ප්‍රදේශවලට රුසියාව වැඩි අවදානයක් යොමු කරමින් සිටින බැවින් ඉදිරියේදී දරුණු සටන්වලට මුහුදීමට සූදානමින් සිටින ලෙස යුක්රේන ජනාධිපතිවරයා ජනතාවට දැනුම් දී ඇත.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ යුක්රේනයේ උතුරු දිග නගර දෙකක් වන බුචා සහ ඉර්ෆින් හි බලය නැවත අත්කර ගැනීමට යුක්රේන හමුදා සමත්ව ඇති බවයි දෙරට අතර සටන් විරාමයක් ඇති කර ගැනීම සඳහා මේ වන විට රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කිරීමට ද අවධානය යොමු වි තිබේ. රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ගේ නියෝජිතයෙකු වන ව්ලැඩ්මීර් මෙඩෙන්ස්කි සඳහන් කළේ සාම සාකච්ඡා සඳහා තමන් එකග වුවද ක්‍රිමියා සහ ඩොන් බාස් ප්‍රදේශ සම්බන්ධයෙන් ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බවට වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

රුසියා ජනාධිපතිවරයා සහ ඉතාලි අග්‍රාමාත්‍යවරයා අතර ද මේ සම්බන්ධයෙන් දුරකතනය ඔස්සේ සාකච්ඡාවක් පැවැත්වුණා. තුර්කියද මැදිහත්කරුවෙකු වශයෙන් ක්‍රියාත්මකවීමට කැමැත්ත පළ කර ඇත.