යුරෝපා පාර්ශ්වය ස්වාධීන ප්‍රතිපත්තියක් ඔස්සේ ද්විපාර්ශ්වික සබඳතා ඉදිරියට ගෙනයනු ඇතැයි චීන ජනපතිගෙන් අපේක්ෂා පළවේ....
Fri,Apr 02, 2022- Page Views : 0 results
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, යුරෝපා කවුන්සිලයේ සභාපති Charles Michel මහතා සහ යුරෝපා කොමිසමේ සභාපතිනි Ursula von der Leyen මහත්මිය සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඊයේ (01) රාත්‍රි එම සාකච්ඡාව වීඩියෝ ආකාරයෙන් පැවැත්විණ චීනය හා යුරෝපා සංගමය අතර පුළුල් පොදු අවශ්‍යතා හා ගැඹුරු සහයෝගිතා පදනමක් පවතින බවත් , චීනය යුරෝපා සංගමය කෙරේ
ස්ථාවර හා අඛණ්ඩ ප්‍රතිපත්ති අනුගමනය කරන බවත්, ෂී ජින් පිං මහතා එහිදී කියා ප්‍රකාශ කර ඇත. යුරෝපා පාර්ශ්වය බාහිර බලපෑම්වලින් තොරව චීනය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගෙන, චීනය සමග
ස්වාධීන ප්‍රතිපත්තියක් පිළිපදිමින් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇතැයි බලාපොරොත්තු වන බව පවසා තිබේ. යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයා සහ යුරෝපා කොමිසමේ සභාපතිනිය එහිදී කියා සිටියේ, චීනය ලෝකයේ ඉතා වැදගත් ධ්‍රැවීය බලවතෙකු සදහන් කර ඇත.
චීනයේ ජාත්‍යන්තර ස්ථානය හා භූමිකාව මෙන්ම යුරෝපා-චීන සබඳතා ඉතා වැදගත් කොට සලකන බව එම දෙපළ සඳහන් කර තිබේ. එම සාකච්ඡාවේදී යුක්රේන අර්බුදය කෙරෙහි ද අවධානය යොමු කෙරිණ. චීන ජනාධිපතිවරයා ඒ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ, එම අර්බුදය නිරාකරණය කිරීමට සාම සාකච්ඡා අතිශය වැදගත් බවට සදහන් කර ඇත. තවත් විශාල මානුෂීය අර්බුදයක් ඇති වීම වැළැක්වීම, යුරෝපා සහ ආසියා-යුරෝපා මහද්වීපවල දිගුකාලීන සාමයක් ගොඩ නැගීම සහ ප්‍රාදේශීය ගැටුම් උග්‍ර වීම වැළැක්වීම, චීන ජනාධිපතිවරයාගේ අදහස් අතර ප්‍රධාන වැඩි දුරටත් සදහන් කර ඇත.